Colombo Today Local News

ශී‍්‍රලනිප- පොහොට්ටු සාකච්ඡා සතියක් තුළ අවසන් කරනවා

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩනගන සන්ධානය පිළිබඳ සාකච්ඡුා සතියක් ඇතුළත අවසන් කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.

එම කාලය තුළ සාකච්ඡුා වට කිහිපයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව කී අමරවීර මහතා සියලූ සාකච්ඡුා වට සුබවාදී ලෙස අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද ඊයේ (18 දා) ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය.

මේ වන විට දෙපාර්ශ්වයේම ප‍්‍රතිපත්ති සමාන වුවද ලකුණ සම්බන්ධයෙන් පැන නැගී ඇති ප‍්‍රශ්නය පිළිබඳව පොදු ලකුණක් ඒ සඳහා භාවිත කළ යුතු බවට ශ‍්‍රී ල නි පය අවසන් වරට පැවැත් වූ සාකච්ඡුාවේදී දැනුම් දුන් බවත් ඒ පිළිබඳව ඔවුන් ගන්නා තීරණය ඉදිරි සාකච්ඡුා වටයේදී දැනුම් දීමට නියමිත බවත් ඒ මහතා සඳහන් කළේය.

අවසන් මොහොත තෙක් දෙපාර්ශ්වය අතර සන්ධානයක් ගොඩනැගීමට උපරිම උත්සාහයක් ගැනීමට ශ‍්‍රී ල නි ප ය සූදානම් බව කී අමරවීර මහතා අවසානයේ සන්ධානය ගොඩනැ`ගීමට නොහැකි වුවහොත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් බොහෝ දුරට අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන බවද කීවේය.

එහෙත් නැවත කිසිවිටෙක එක්සත් ජාතික පක්‍ෂය හා සන්ධාන ගොඩනැ`ගීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය කටයුතු නොකරන බව ද දැනටමත් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ දී වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට යෝජනාවක් සම්මත කර තිබෙන බවද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

සති දෙකක් ඇතුළත වහා ඉල්ලා අස්වෙනු – ජනපති පොලිස්පතිට දැනුම් දෙයි…

colombotoday

නාමල් කුමාර ‌දෙසැම්බර් 26 දක්වා රිමාන්ඩ්

colombotoday

බරවා තුරන් කළ රටක් ලෙස ලංකාව නම් කෙරේ

colombotoday

ජනපති හදිසියේම රාජිතගේ වැඩ බලන්න යයි…

colombotoday

ඇමතිකම ලැබේද ? රවී ගැන නීතිපති වාර්තාව අද!

colombotoday

ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපතිගේ නිරීක්ෂණයට

colombotoday