Colombo Today Local News

ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපතිගේ නිරීක්ෂණයට

වසර 400කට වඩා ඉපැරණි මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු අද (06) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් නිම කරන ලෙස ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී තිබේ.

බ්‍රිතාන්‍යයින් යටත්විජිත සමයේ දී සිර මැදිරියක් හා පසු කාලීනව රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙස පවත්වාගෙන ගිය මෙම ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනුණි.

පසුව එහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සංවර්ධනය කෙරුණි.

ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සියල්ල මුල් වකවානුවේ පැවති වලව්වේ පෞරාණික සැලැස්මට හානියක් නොවන පරිදි සිදු කර තිබේ.

දියවඩන නිලමේ නිලංග දෑල මහතා ද මෙම අවස්ථාවට එක්වී සිටියේය.

Related posts

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමට අදාළ මුදල් අද බැංකු වෙත මුදා හරි

Admin

පොලිස්පති ධුරය දේශබන්දු තෙන්නකෝන්ට

Admin

කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වැසෙයි

colombotoday

යහපාලන සමයේ රතන හිමිගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වූ “වස විස නැති ගොවිතැන” වැඩසටහනට කෝටි ගණනක් වියදම් කරලා.

colombotoday

හෙරොයින් සමඟ හමුදා සෙබලෙකු අත්අඩංගුවට

Admin

පෙට්‍රල් රැගත් නෞකාවක් මේ සතියේ දිවයිනට..

colombotoday