Colombo Today Local News

තව්හිද් ජමාත්, මියන්මාරයට එරෙහිව අද කොළඹදී යකා නටන්න යයි !!

මියන්මාරයේ රොහින්ග්‍යා අන්තවාදීන්ට එරෙහිව සිදුකරන හමුදා මෙහෙයුම් නතර කරන ලෙස බලකරමින් “තව්හිද් ජමාත්“ නම් සංවිධානය විසින් අද දහවල් කොළඹ ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් වන බවට වාර්තා වනවා.

තවත් පිරිසක් එම ස්ථානයේදී විරෝධතාවක් සංවිධානය කර ඇති අතර මේ හේතුවෙන් දෙපාර්ශවය අතර ගැටුමක් ඇතිවීමේ අවධානමක් මතුව තිබෙන බව ආරංචි මාර්ග පවසනවා.

මියන්මාරයේ රොහින්ග්‍යා අන්තවාදීන්ට එරෙහිව එරට රජය ගෙනයන හමුදා ක්‍රියාමාර්ග ‘රොහින්ග්‍යා මුස්ලිම් ජනයාට‘ එරෙහිව සිදුකරන මර්ධනයක් යැයි හුවාදක්වමින් ජාත්‍යන්තර ඉස්ලාමීය අන්වාදී කණ්ඩායම් දැවැන්ත ප්‍රචාරයක් ගෙන යමින් සිටී. ඒ අනුව පසුගිය සිකුරාදා මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් මෙරට මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූණු අතර එහිදී ඔවුන් ඉතාමත් අශෝභන ලෙස කලහකාරීන් අයුරින් හැසිරෙනු දක්නට ලැබිණි.

එස්.එම්. මරික්කාර්, මුජිබර් රහුමාන් ඇතුළු මන්ත්‍රීවරුන් දුන් එම වැරදි පූර්වාදර්ශය අනුව ඔවුන්ට හිතවත් ඉස්ලාමීය කණ්ඩායම්ද මියන්මාර් ප්‍රශ්නය මුල්කරගනිමින් රට තුළ කලබලකාරී තත්ත්වයක් ඇතිකරමින්, නැවත වරක් රට අස්ථාවර කිරීමට අර අදිමින් සිටින බවද ආරංචි මාර්ග සදහන් කරයි.

මියන්මාරය සහ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව අතර ඉතාම සමීප සබදතාවක් පවතින අතර අමරපුර හා රාමාඤ්ඤ මහා නිකායවල උපත සිදුවන්නේද මියන්මාරය හෙවත් බුරුමය ඇසුරු කරගනිමිනි. එබැවින් මියන්මාර් බෞද්ධයන්ට එරෙහිව මෙරටදී සිදුකරනු ලබන කුමන හෝ ක්‍රියාවක් මෙරට බෞද්ධ ජනතාවගේ සිත් රිදවීමට හේතු වේ. මෙරටට අදාළ නොවන ප්‍රශ්නයක් මුල්කරගනිමින් රට තුළ කලහකාරී වාතාවරණයක් ඇතිකිරීමට අර අදින ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් පාලනය නොකළහොත් තත්ත්වය ජාතිවාදී ගැටුමක් දක්වා දුරදිග යෑමට ඉඩ ඇති බැවින් රජය හා ආරක්ෂක අංශ ඒ සම්බන්ධයෙන් වහා පියවරගත යුතුව තිබේ.

Related posts

බෝතල් කපල කිරි දෙන හමුදාවක් නෙවෙයි අපි… කොට්ට, මෙට්ට නිරෝධායන මධ්‍යස්ථානවලට දීල අද අපේ හමුදාව නිදියන්නේ බිම – හමුදාපති හැඩුම්බරව කී කතාව (Video)

colombotoday

විදේශ ඇමති මංගල ජාතිමය පාවා දුන්නා.. ඔහු රාජද්‍රෝහියෙක්

colombotoday

ගුරුවරයෙකුට කඩු ප්‍රහාරයක්

colombotoday

බ්‍රිතාන්‍යයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් මනීෂා ගුණසේකර

colombotoday

පෙට්‍රල් නෑ කියල කෑලි යන්න බනින්නේ මට.. ෂෙඩ්වලට පෙට්‍රල් බෙදන්නෙ මමද – ජනපති අසයි

colombotoday

සහරාන් සමඟ කිසිදු සබඳතාවක් නැතැයි කියන හකීම් මුස්ලිම් ගෙවල්වල අවශ්‍යතාවයකටවත් “පිහියක්” නැතිලු

colombotoday