Colombo Today Local News

රජයේ වාහන සංඛ්‍යාව 57,961 ක්..! එයින් 7,723ක් කොට උඩ.. වෙන්දේසි කරන්න යයි

කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලයට 2017 දෙසැම්බර් 14 වන දිනට ලැබී ඇති තොරතුරු අනුව රජයට අයත් වාහන පිළිබඳ සංඛ්‍යාලේඛන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

රජයේ වත්කම් හා පිරිවැය කළමනාකරණය අධීක්ෂණය කිරීමේ අරමුණින්, 2017 මාර්තු 07 දින සිට ක්‍රියාත්මක වන පරිදි කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලයක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලැබු බවත් ඒ හරහා රජයේ සියලුම මූල්‍ය නොවන වත්කම් ආවරණය වන පරිදි සකස් කරන ලද මධ්‍යගත වත්කම් ලේඛනයක් පවත්වා ගැනීම එම කාර්යාලයේ මූලික කාර්යභාරය වි තිබේ.

එම තොරතුරුවල සාරාංශයක් පහත දැක්වේ.

රජයට අයත් සමස්ත වාහන සංඛ්‍යාව57,961

එයින් ධාවනය කළ හැති තත්ත්වයේ පවතින මෝටර් වාහන සංඛ්‍යාව 50,238

මධ්‍යම රජය 26,732

රාජ්‍ය ව්‍යාපාර 23,506

ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවතින මෝටර් වාහන සංඛ්‍යාව 7,723

මධ්‍යම රජය 5,922

රාජ්‍ය ව්‍යාපාර 1,801

මෙයින් දැනට භාවිතයට නොගන්නා ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවතින මෝටර් වාහන කඩිනමින් අපහරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ නිලධාරින්ට උපදෙස් දීමටද අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

Related posts

වෛද්‍ය වැඩවර්ජනය තාවකාලිකව නතවතයි

Admin

භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමා ඉවත් කරන්නැයි යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්

colombotoday

ත්‍රිවිධ හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කරන්න විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday

පානම්පත්තුවේ කිලෝමීටර් දහයක් වැලි හාරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉඩ දීලා

Admin

ජනපතිගේ ප්‍රකාශයට චීනයෙන් පිළිතුරු

colombotoday

ලංකාවේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන්න නෝර්වේ මැදිහත් වෙයි ! උපදෙස් දෙන්න නෝර්වීජියානුවෙක් හෙට දිවයිනට එයි

colombotoday