Colombo Today Local News

ඥාණසාර හිමි අස්ගිරි මහා නාහිමියෝ බැහැ දකී…

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ඥානරතන මහා නාහිමියන් බැහැ දකිනු ලැබුවා.

ඒ අස්ගිරි මහා විහාරයේදීයි. ජාතිවාදය අවුලවන ප්‍රකාශ සිදු කළේ යැයි චෝදනා කරමින් පක්ෂ විපක්ෂ මුස්ලිම් දේශපාලකයන් එක්වී ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස රජයට දැඩි ලෙස බලපෑම් කළ අතර, ඒ අනුව උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් යොදවා තිබුණා.

ඥාණසාර හිමියන්ගේ මතවාදය තමන් අනුමත කරන බවත්, සම්බුද්ධ ශාසනයත්, ජාතියත් මුහුණ දී සිටින අර්බුද සම්බන්ධයෙන් කරුණු අටක් සම්බන්ධයෙන් රජයට අනුශාසනා කරමින් අස්ගිරි මහා නාහිමියන් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණේ ඒ අතරයි.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී අධිකරණයට භාර වීමෙන් පසුව ඥාණසාර හිමියන් ඇප මත නිදහස් කිරීමට අධිකරණය තීන්දු කරනු ලැබුවා.

මහනාහිමියන් බැහැ දැකීම සදහා සිංහල රාවය ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගලකන්දේ සුදත්ත හිමි, සිංහලේ අපි සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවල චන්දරතන හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සහ ගිහි නියෝජිතයන් පිරිසක් සහභාගී වි සිටියා.

Related posts

ඇපල් සමාගමෙන් දුරකථන සහ පරිගණක ඇනවුම් කර ලබා දෙන බවට පවසා මුදල් ගැරූ දෙදෙනක් අල්ලයි

colombotoday

රැකියා ඉල්ලා දේශපාලකයන් පසුපස යෑමට සිදුවූ යුගය අපි නිමා කරනවා – සජිත්

colombotoday

“හොරා” කීවාට රවීගෙන් ගම්මන්පිලට නඩු

colombotoday

ව්‍යවස්ථා සම්පාදක කමිටුවලින් ඒකාබද්ධ විපක්ෂය ඉවත්වෙයි

colombotoday

හෙට සිට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

colombotoday

නිවෙස් දෙකක් පස් කන්දකට යට වෙයි….

Admin