Colombo Today Local News

කතක් ඝාතනය කර යතුරුපැදියත් සමග ගෙවත්තක වළදාලා

යාපනය මණියන්තෝට්ටම් උදයපුරම් ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කොට ඇගේ යතුරුපැදියත් සමගම ගෙවත්තක වළදමා තිබියදී ගොඩගත් බවට යාපනය පොලීසිය පවසයි.

පසුගිය අප්‍රේල් පළමු වැනිදා සිට මෙම කාන්තාව අතුරුදහන්ව ඇති බවට කාන්තාවගේ ඥාතීන් යාපනය පොලීසිය දැනුවත් කර ඇති අතර පුලුල් පරික්ෂණයක් ආරම්භ කළ අතරතුරදී පොලීසියට සැකකටයුතු ගෙවත්තක් පිළිබඳව තොතරතුරු ලැබී ඇත.

අනතුරුව යාපනය මහෙස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා මහතාගෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේදී අදාල සැකකටයුතු ගෙවත්තේ කැනීම් සිදුකර ඇත.

එහිදී අඩි 06 කට වඩා ගැඹුරින් කාන්තාවගේ මළ සිරුරත් තවත් යාබද ස්තානයකදී යතුරුපැදියක්ද වලදමා තිබියදී සොයාගැනීමෙන් පසුව ගෙවත්තේ හිමකරු ඇතුලු තිදෙනකු අත්අඩංගුවටගෙන තිබේ.

Related posts

කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා වව්නියාවේ උද්ඝෝෂණ…

colombotoday

නැගෙනහිර මාංශ අලෙවිසැල් වසා දැමේ

Admin

ඖෂධ ගබඩාවක ගින්නක් : ඖෂධ විශාල ප්‍රමාණයක් විනාශ වෙයි

colombotoday

ඉන්දීය අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවේ තිබූ හෙරොයින් සහ ආයුධ ගැන තොරතුරු හෙළිවෙයි.

colombotoday

දූෂණයට එරෙහිව ජනපති සමග අගමැති පයින් යයි

colombotoday

ඡන්ද ප්‍රතිඵලයෙන් පසු ශ්‍රීලංකන් සේවකයින්ට හිරිහැර!

colombotoday