Colombo Today Local News

කොටි ක්ලේමෝ බළකායේ අබ්දුල් ෂලීම් ඇතුළු ත්‍රස්තවාදීන් 6කට වසර 56ක සිර දඩුවම් නියම වේ

විමර්ශන කටයුත්තක් සඳහා විල්පත්තුව ජාතිත වනෝද්‍යානයට යමින් සිටි  වෛද්‍යවරයෙකු ඇතුළු දේශීය සංචාරකයින් හත් දෙනකු රැගත්  කැබ් රථයක් ඉලක්ක කර ගෙන  ක්ලේමෝ බෝම්බ පුපුරුවා හැර එහි සිටි සියලු දෙනා ඝාතනය කිරීම ඇතුළු වැරදි 8ක් සම්බන්ධයෙන් කොටි සංවිධානයේ ක්ලේමෝ බෝම්බ පුපුරුවා හැරීම් අංශයේ හිටපු ප‍්‍රබල කොටි  විත්තිකරුවන් හත් දෙනකුට අනුරාධපුර විශේෂ  මහාධිකරණයේ විනිසුරු මහේෂ් වීරමන් මහතා එක් අයකුට වසර 8 බැගින් වසර 56ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.

මෙම සියලූ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් වෙන් වෙන්ව නගා තිබූ අධිචෝදනා අටටම ඔවුන් වෙන් වෙන්ව වරද පිළිගැනීමෙන් පසු අදාළ නියෝගය නිකුත් කෙරිණි.

විත්තිකරුවන් හත් දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් වෙන් වෙන් වශයෙන් නගා  තිබූ අධිචෝදනා අටට වසර අට බැගින් මෙම සිර දඩුවම් නියම කෙරිණි.

එසේ සිර දඬුවම්  නියම වූයේ එල්ටීටීඊ සංවිධානයේ ක්ලේමෝ බෝම්බ පුපුරුවා හැරීම අංශයේ හිටපු ප‍්‍රබලයින් වන සිමියෝන් සන්දරයෝගු හෙවත් ක්ලේමෝ පාක්‍යන් රාගවන්, සුරේෂ් හෙවත් පුදියවන් සිරිල් රාසමනී, සිරාලන් සින්නප්පන් පාක්‍යනාදන් හෙවත් පාක්‍යන් අයියා මුත්තු මරික්කාර්,  අබිදුල් ෂලීම් හෙවත් ෂලීම් අයියා සාන්දන්, ස්ටැනිස් රෙමිෂ් වල්ලූවන් සහ නඩරාජා සරවන බවන් හෙවත් සීට්ටු යන විත්තිකරුවන්ටය.

Related posts

විරෝධතාකරුවන්ට පොලීසියෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඩෙංගු මර්දන රාජකාරිවලින් ඉවත් වෙයි

Admin

විදුලි බිල ගැන අමාත්‍ය මණ්ඩලයේ දී තීරණයක්

colombotoday

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම්

colombotoday

“ගුටි කෑ ශ්‍රී ලංකා තානාපති ඔත්තුකරුවෙක්.. වහාම මැලේසියාවෙන් පිටුවහල් කරනු” – වයිකෝ

colombotoday

“විදුලිය කප්පාදු කරන මොහොතක විදුලි බිල ඉහළ දැමීම අසාධාරණයි”

colombotoday