Colombo Today Local News

ඉරණමඩු ජලාශය අසල බුදු පිළිමය ඉවත් කරන්නැයි දෙමළ සන්ධාන මන්ත්‍රී දැනුම් දෙයි

කිළිනොච්චිය ඉරණමඩු ජලාශය අසල යුද හමුදාව විසින් ස්ථාපිත කරන ලද බුදු පිළිමය ඉවත් කල යුතු බව දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා වාරිමාර්ග නිලධාරීන්ට දැණුම් දී තිබේ.

මෙම ස්ථානයේ බුදු පිලිමයක් ඉදි කරන ලද්දේ යුද හමුදාවට වන්දනාමාන කිරීමට බවත් දැන් එම ස්ථානයේ යුද හමුදාව නොමැති නිසා බුදු මැදුරක් තිබීමෙන් ඇති ප්‍රයෝජනයක් නොමැති බවද මන්ත්‍රීවරයා වාරිමාර්ග නිලධාරීන්ට දැණුම් දී තිබේ.

රුපියල් මිලියන 3200 ක වියදමකින් ඉරණමඩු ජලාශයේ සංවර්ධන හා නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ වී ඇති නිසා ජලාශයේ ඇතුළුවන දොරටුව පුළුල් කිරීමට මෙම බුදු මැදුර පිහිටීම බාධාවක් බව පවසන මන්ත්‍රීවරයා එම බුදු මැදුර ස්ථාපිත කල යුද හමුදාව ලවාම එය ඉවත් කිරීමට පියවර ගන්නා මෙන්ද දැණුම්දී තිබේ.

Related posts

මාසෙන් මාසෙට වෙනස්වෙන ඇමති මණ්ඩලේ කාළගුණේ වගේ.. ආණ්ඩුව ජනවරමට පයින් ගැහුවා !

colombotoday

ඇමරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ ‍නෞකාව කොළඹ වරායට

colombotoday

මහින්දගේ විද්වත් සභාවේ “සිංහලේ” ඇවිලෙයි… බොදු බලේ දිලන්තට කුණු බැණුම්

colombotoday

ධීවර සංස්ථාවට නව සභාපතිවරයෙක්

Admin

පල්ලියේදී ගව මස් කෑ දහසක් ලෙඩ වෙති.. තිදෙනෙක් මරුට.. අම්පාරේ රෝහල් පිරෙයි !

colombotoday

ජල විදුලි ජනනය 15%ක් දක්වා පහළට

Admin