Colombo Today Local News

මාසෙන් මාසෙට වෙනස්වෙන ඇමති මණ්ඩලේ කාළගුණේ වගේ.. ආණ්ඩුව ජනවරමට පයින් ගැහුවා !

tilvyn silva 3

වත්මන් ආණ්ඩුව පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා මසකට වරක් දෙවරක් කැබිනට් ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු පත්කරන බවත් එය ජන වරමට පටහැනි බව ජනතා විමුක්ති පෙරමුණේ , ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි .අද (07) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා ,

ආණ්ඩුව නැවතත් රාජ්‍ය ඇමතිවරයෙක් සහ නියෝජ්‍ය ඇමතිවරු දෙදෙනෙක් පත් කර තිබෙනවා. ලක්‍ෂ්මන් සෙනෙවිරත්න රාජ්‍ය ඇමතිවරයෙක් ලෙසත් පාලිත තෙවරප්පෙරුම සහ මනූෂ නානායක්කාර නියෝජ්‍ය ඇමතිවරු ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දුන්නා. මෙය ඉතාම බරපතල තත්වයක්. ආණ්ඩුව මේ ආකාරයෙන් විටින් විට අමාත්‍යවරු පත්කළ පළමු අවස්ථාව මෙය නොවේ. පසුගිය අගෝස්තු මාසයෙන් පසුව මසකට වරක් දෙවරක් කැබිනට් ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු පත්කරන්න පටන් ගත්තා. දැන් ඇමතිවරු පත්කිරීම විහිළුවක් වෙලා. ආණ්ඩුවට පවා ඇමතිවරු ගණන කියන්න බැහැ. අපේ රටේ ඇමතිමණ්ඩලයත් හරියට කාලගුණය වගේ.

මේ ආණ්ඩුවත් කටයුතු කරමින් ඉන්නේ ජනවරමට එරෙහිවයි. පසුගිය මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට දැවැන්ත ජනතා විරෝධයක් මතු වුණේත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් යහපාලනයත් පැත්තකට දාලා කටයුතු කිරීමයි. මහින්ද රාජපක්‍ෂත් තමන්ගේ බලය තහවුරු කරගන්න ඇමතිවරු පත්කරගත්තා. රාජපක්ෂ ආණ්ඩුවේ ඇමති මණ්ඩලය 100ත් ඉක්මවා ගියා. තමන්ගේ බලය තහවුරු කරගන්න ඇමතිවරු පත්කිරීම බරපතල වරදක්. රටක අමාත්‍ය මණ්ඩලය පත්කළ යුත්තේ සංවර්ධන ඉලක්ක අනුවයි. තමන්ගේ බලය වෙනුවෙන් ඇමතිවරු පත්කිරීමේ සංස්කෘතියට එරෙහිව සිවිල් සංවිධාන, ජනතා විමුක්ති පෙරමුණ පෙනී සිටියා. ආණ්්ඩුවට බලපෑම් කළා ඇමති මණ්ඩලයේ නිශ්චිත ගණන ව්‍යවස්ථාවට ඇතුල් කළ යුතුයි කියලා. ඒ මොහොතෙත් එජාපයත් මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයාත් එය පිළිගත්තා. වැඩමුළු පවා තිබ්බා. අමාත්‍යංශ විද්‍යාත්මකව බෙදිය යුතු බව කිව්වා. ඒ සියල්ල අමතක කරලා දැන් තමන්ට ඕන විදියට ඇමතිවරු පත්කරනවා. මේ වනවිට ඇමති මණ්ඩලය 92ක් බවට පත්වෙලා. ජනාධිපතිවරයාත් සමඟ කැබිනට් මණ්ඩලය 47ක්. ආණ්ඩුව ජනවරමත් ඉක්මවා ගිහින්.

Related posts

ආණ්ඩුවේ ඩෙඟා නැටිල්ලෙන් ජාතික ආරක්ෂාවට කණ කොකා හඩන හැටි !

colombotoday

දකුණු ආසියාවේ වේගත්ම මිනිසා සහ කාන්තාව ශ්‍රී ලංකාවෙන්

colombotoday

සිවාජිලිංගම් ඇතුළු පිරිසක් මණ්ඩතිව් කඳවුර මනින්න ආ මිනින්දෝරුවරු එලවා දමති

colombotoday

ගෝඨාභය තවදුරටත් ඇමරිකන් පුරවැසියෙක් නොවේ… එජාපයේ පුරවැසිගාය සුව කරමින් ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ප්‍රකාශයක්

colombotoday

ව්‍යාපාරිකයෙකුගේ පුතු නිවසේදී අභිරහස් ලෙස මිය ගිහින්

Admin

හෙරොයින් ජාවාරම්කරුවෙකුට දුරකථනයක් ලබාදුන් යාපනය බන්ධනාගාරයේ නියාමකවරයෙක් අත්අඩංගුවට

Admin