Colombo Today Local News

හෙරොයින් ජාවාරම්කරුවෙකුට දුරකථනයක් ලබාදුන් යාපනය බන්ධනාගාරයේ නියාමකවරයෙක් අත්අඩංගුවට

සිරඳඩුවම් ලබා සිටින බන්ධනාගාර රැදවියකුට ජංගම දුරකථනයක් ලබාදුන් යාපනය බන්ධනාගාර නියාමකවරයකු අද(16) උදෑසන සැකපිට අත්අඩංගුවටගත් බව යාපනය පොලිසිය පවසයි.

යාපනය බන්ධනාගාරයතුල පෙරේදා දිනයේ සිදුකළ සෝදිසියකදී රැදවියකු සතුව තිබී ජංගම දුරකථනයක් හමුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයා ඇතුළු කණ්ඩායමක් සිදුකළ විමර්ශනයකදී සැකකාර බන්ධනාගාර නියාමකවරයා විසින් ජංගම දුරකථනය රැදවියා හට ලබාදී ඇති බවට අනාවරණයවී ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් අධිකරණයෙන් බන්ධනාගාර ගතකොට සිටින රැදවියකු වෙත මෙම ජංගම දුරකථනය ලබාදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් සී.සී.ටි.වී දර්ශන පරීක්ෂා කිරීමේදී සැකකාර නියාමකවරයා රැදවියාට ජංගම දුරකථනය ලබාදෙන අයුරු නිරීක්ෂණයවී ඇති බවත් සඳහන් කරයි.

Related posts

නීතිය කාටත් එකයි කියන රටේ ඇමතිකම් කරන බදියුදීන් මන්නාරමේදී නීතිය නිරුවත් කළ හැටි මෙන්න

colombotoday

පිළිකාවට සුව ගෙන දෙන දිව ඔසුවකි “සරක්කු”

colombotoday

බදුල්ල විවෘත අධිකරණ කටයුතු අත්හිටුවයි

colombotoday

රනිල් සජිත් එක්වන ලකුණු

Admin

අද සිට ඉහළ යන ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin

රවීගේ “ඔන් ගොයින් හොරකම්” හා බිරියගේ, දුවගේ ගුදම ගැන FCIDයට පැමිණිළි !

colombotoday