Colombo Today Local News

ව්‍යාපාරිකයෙකුගේ පුතු නිවසේදී අභිරහස් ලෙස මිය ගිහින්

ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයාගේ මළ සිරුර ව්‍යාපාරිකයාගේ නිවස තුළ තිබී ඊයේ (21) සවස සොයාගත් බව යාපනය පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, යාපනය,කොට්ටටි ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමු කළ බව පොලීසිය පවසයි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කළ අතර, ප්‍රදේශවාසීන් කියා සිටින්නේ මියගිය පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වුවෙක් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Related posts

කාලගුණයෙන් රතු නිවේදනයක්

colombotoday

බදුර්දීන් හා බැසිල් අද උසාවි නොයයි

colombotoday

පාපැදියක ගැටී පුද්ගලයෙක් මරුට – පාපැදිකරු පළා ගිහින්

Admin

පොහොට්ටුවේ මහරගම නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභා කෙරේ

colombotoday

වැලි ප්‍රවාහන බලපත් ඉවත් කිරීමෙන් රට පුරා ගං ඉවුරු වනසමින් වැලි හාරති.. පරිසර සංවිධානයන්ගේ දැඩි විරෝධය

colombotoday

අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක

colombotoday