Colombo Today Local News

හම්බන්තොට වරාය චීනයට පැවරීම 8 වැනිදා !

හම්බන්තොට වරාය චීනයේ චයිනා මර්චන්ට් සමාගමට දිගුකාලීන බදු පදනම යටතේ බාරදීම ලබන 08 වැනිදා සිදු කෙරෙනු ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි.

ඒ වෙනුවෙන් බදු මුදලේ පළමු වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක පමණ මුදලක් ශ්‍රී ලංකා රජයට ලැබෙනු ඇතැයිද පැවසේ.

හම්බන්තොට වරාය දිගු කාලීන බදු පදනම යටතේ චයිනා මර්චන්ට් සමාගමට බදුදීමේ ගිවිසුමට මේ වසර මුලදී අත්සන් කරනු ලැබූ අතර, වරායේ කොටස්වලින් සියයට 70ක් චයිනා මර්චන්ට් සමාගමටත්, ඉතිරි සියයට 30 ශ්‍රී ලංකා වරාය අධිකාරියටද පැවරීමට තීරණය විය.

වරාය බදු දීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1200ක පමණ මුදලක් ශ්‍රී ලංකා රජය ලබාගැනීමට අපේක්ෂිතය.

Related posts

තවත් බුද්ධි අංශ විරුවෙකුගේ දෑතට මාංචු

colombotoday

සෞදියේදී ලාංකික කතකට ගල් ගසා මරා දැමීමට නියම වේ

colombotoday

ගෙදරට ඇවිත් වෙඩි නොතියා එන්තරවාසියක් එවීම ගැන ජවිපෙට ස්තුතියි! – මෛත්‍රී

colombotoday

“බැසිල් කීවේ රාජ්‍ය සේවකයා රටට බරක් බව නෙවෙයි” – ඇමති ඩලස් කියයි

colombotoday

උදයංග වීරතුංග අල්ලන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක් !

colombotoday

පුංචි ඡන්දෙට නාම යෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය ජනවාරියේ

Admin