Colombo Today Local News

ජාතිවාදී සීමා නීර්ණයට එරෙහිව බෙංගමුවේ හිමියෝ උසාවියට !

අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත්ව තිබූ ශ්‍රී පාද ස්‌ථානය නව සීමානිර්ණය මගින් මස්‌කෙළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය යටතට පත් කිරීමට එරෙහිව ලබන සතියේදී නීතිය ඉදිරියට යන බව ජාතික හිමිකම් සංවිධානයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (16 දා) ජාතික හිමිකම් සංවිධානය, නාවල, රාජගිරිය පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්‌ථානයේදී පැවැත් වූ මාධ්‍ය හමුවේදීය. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ මෙසේද පැවසූහ.

අපට හිමි ජාතික හිමිකම් අහිමි වෙමින් පවතිනවා. ජාතිවාදී පදනමින් සීමා නිර්ණය සිදු කිරීම නිසා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී පාද සථානය දෙමළ බහුතර පාලනයේ යුත් මස්‌කෙළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වී තිබෙනවා. විජයබාහු රාජ්‍ය පාලන සමයේදී ශ්‍රී පාද ස්‌ථානයට නින්දගම් ලබාදී තිබෙනවා. ඒ පිළිබඳව අඹගමුව සෙල්ලිපියේ සඳහන් කර තිබෙනවා.

එසේ වුවත් එම ඉතිහාසයට පිටුපාමින් නව සීමා නිර්ණය යටතේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වෙන් කර තිබෙනවා. සිංහල ජනතාවගේ විරෝධය යටතේ මෙම සීමා නිර්ණය සිදු කර තිබෙන්නේ 2015 දී ලබා දුන් මැතිවරණ පොරොන්දුවක්‌ ඉටු කිරීම සඳහායි. මැතිවරණ පොරොන්දු ඉටු කිරීම සඳහා ශ්‍රී පාදය පාමුල අන්‍ය ජාතික ප්‍රාදේශීය සභා බිහි කිරීම නිසා ශ්‍රී පාද ස්‌ථානය අනතුරේ වැටී තිබෙනවා.

එපමණක්‌ නොවෙයි සප්තකන්‍යා කඳු යායේ මුස්‌ලිම් පල්ලියක්‌ සැදීමටත් සූදානම් වනවා. 1980 දී පමණ මක්‌කම බලා පියාසර කළ ගුවන් යානයක්‌ එම කන්දේ හැපි විනාශ වුවා. එම අනතුරින් මියගිය මුස්‌ලිම් ජාතිකයන් එම ප්‍රදේශයේ භූමදානය කර තිබෙනවා. එම අනතුරින් මියගිය අය වෙනුවෙන් තමයි මෙම පල්ලිය හැදීමට සූදානම් වන්නේ.

මෙම සියලු කටයුතු නිසා අපගේ ජාතික හිමිකම් අහිමි වන බව පැවසූ බෙංගමුවේ නාලක හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ජාතික හිමිකම්s අහිමි කරන සීමා නිර්ණයට එරෙහිව ලබන සතියේ නීතිය හමුවට යන බවයි.

 

Related posts

දුමින්ද සිල්වා නැවත බන්ධනාගාරගත කෙරේ

colombotoday

ඒකීය ලේබලයෙන් එන ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන විමල්ගෙන් විවරණයක් !

colombotoday

ඇමති විජේදාස සිවිල් සමාජ මහාචාරියගේ හිවල් වත ගලවයි.. වැටි වැටී දුවන්නම දෙයි

colombotoday

කෝටි 5ක මත්පෙති තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අල්ලයි

Admin

රාජ්‍ය ආයතන හිතවතුන්ගෙන් පුරවන යුගය අවසන් කළා !

colombotoday

බස් ගාස්තුව 15%කින් ඉහළට… ඉදිරි සතිය ඇතුළත වැඩි නොකළොත් වර්ජනයක් අනිවාර්යයි

colombotoday