Colombo Today Local News

අගමැති ධුරයෙන් ඉවත්වෙන්නැයි ජනපති මෛත්‍රී අගමැති රනිල්ට දන්වයි !!

අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී සාමාන්‍ය පුරවැසියෙක් ලෙස ගොස් බැඳුම්කර කොමිසම ඉදිරියේ සාක්කි දෙන ලෙස ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබෙන බව වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි.

ඔහු පෙන්වා දුන්නේ ජේ‍යෂ්ඨ මාධ්‍යවේදී ඩී.බී.එස්. ජෙයරාජ් විසින් ඒ පිළිබඳව පසුගියදා ඔහුගේ ලිපියක සඳහන් කොට තිබූ බවයි. නමුත් මේ සම්බන්ධයෙන් පිළිතුරක් සහිත ප්‍රතිචාරයක් හෝ පිළිගැනීමක් හෝ ප්‍රතික්‍ෂේප කිරීමක් හෝ අගැමැතිවරයා විසින් සිදුකර තිබේද යන්න තවම දැන ගැනීමට නැති බවත් මේ කාරණය සම්බන්ධයෙන් සත්‍ය දැන ගැනීමට අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.

වමේ කේන්ද්‍රය විසින් සමාජය හා සමායික කේන්ද්‍රයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමීර පෙරේරා,

ඩී.බී.එස්. ජෙයරාජ් කියන්නේ බොහොම කෘතහස්ත මාධ්‍යවේදියෙක්. ඔහු බොහෝම විශ්ලේෂණාත්මකව ලියන කෙනෙක්. අපි පසුගිය දින කිහිපයකට කලින් දැක්කා ඔහුගේ ලිපියක ඔහු පැහැදිලිවම බැඳුම්කර විමර්ශනයන් සම්බන්ධයෙන් ලියලා තියෙනවා.

බැඳුම්කර ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමෙහි සාක්කි දීමට අගමැතිවරයා පෙනී සිටින මොහොතේදී ජනාධිපතිවරයා ඉල්ලීමක් කරලා තියෙනවා රනිල් වික්‍රමසිංහගෙන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙලා සාමාන්‍ය පුරවැසියෙක් විදියට ගිහිල්ලා ජනාධිපති කොමිසම ඉදිරියේ පෙනී ඉන්න කියලා. එහෙම තමයි ඔහුගේ ලිපියේ සඳහන් කරලා තියෙන්නේ අගමැතිවරයෙක් ලෙස පෙනී සිටියහොත් ඒ විමර්ශනයන් සාර්ථක වෙයිද කියන ප්‍රශ්නය මතු වෙනවා.

අපි දැක්කා පසුගිය ජනාධිපති විමර්ශන කොමිසමේදී සමහර ඇමැතිවරුන්ගෙන් මිනිත්තු 10ක් විතරයි ප්‍රශ්න කළේ. ඒ නිසා තමයි ජනාධිපති උපදෙස් දීලා තියෙන්නේ අගමැතිට අගමැති ධුරයෙන් ඉවත් වෙලා ජනාධිපති කොමිසම හමුවට ගිහිල්ලා පිළිතුරු දෙන්න, සාක්කි දෙන්න කියලා ඉල්ලන්නේ.

– Mawbima

Related posts

වංචා දුෂණවලට සම්බන්ධ පුද්ගලයින් හෙළිදරව් කිරීමට සුදානම් – පුජ්‍ය ඇල්ලේ

colombotoday

සති­ය­කදී ඇල්ලූ ගංජා හා මත්ද්‍ර­ව්‍ය වටිනා­කම රු. මිලි­යන 950ක්

colombotoday

අනුමත කලේ කන්තලේ සීනි ඉඩම විතරක් දෙන්නයි… සුළු වැරදීමක් වෙලා ඉඩමයි, ෆැක්ටරියයි දෙකම දුන්නා – කිරිඇල්ල

colombotoday

“ආවා“ කල්ලියේ ලොක්කා ඇතුළු 38ක් අත්අඩංගුවේ !

colombotoday

විදෙස්ගතවීමට සූදානම්වන සියලු ගුවන් මගීන්ට දැනුම්දීමක්

colombotoday

ලක්ෂ 10ක ගබ්සා පෙති තොගයක් අත්අඩංගුවට !

colombotoday