Colombo Today Local News

තෙල් නැව ආවත් හිගය මඩින්න තව දින තුනක්වත් යනවා !

තෙල් නැව පැමිණියත් සමස්ථ ලංකාවේම තෙල් හිගය මැඩීමට දින දෙක තුනක් ගතවනු ඇති බව සම කැබිනට්  ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට 08 සහභාගී වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

කොළඹ ප්‍රදේශයට  (09) දිනය ඇතුළත තෙල් බෙදාහැරීමට හැකිවනු ඇති බවත් ඉන් පසුව ක්‍රමක් ක්‍රමයෙන් රටේ අනිකුත් පළාත්වලත් තෙල් හිඟය විසඳීමට හැකිවනු ඇති බවත් රාජිත සේනාරත්න මහතා පැවැසීය.

සාමාන්‍ය දවසකට තෙල් මෙට්‍රික් ටොන් 2500 අපේ රටට අවශ්‍ය වෙනවා. නමුත් තෙල් හිඟයක් පවතින බවට රටේ පැතිර ගිය මතය සමග එම ඉල්ලීම දෙගුණ තෙගුණ වූ බවත් ඒ නිසා මෙසේ තෙල් හිඟයක් ඇති වූ බවත් රාජිත සේනාරත්න මහතා පැවැසීය. පසුගිය දිනවලද තෙල් සංස්ථාව තෙල් මෙට්‍රික් ටොන් 3000කට වැඩි ප්‍රමාණයක් බෙදාහැර ඇති බවද ඔහු කීය. ජනතාව තෙල් අර්බුදයට බිය වී තෙල් එක්රැස් කිරීමට කටයුතු කිරීම නිසා මෙම අර්බුදය දිග්ගැස්සුණු බවද කීය.

Related posts

රට පනින්න ගිය 45ක් නාවික හමුදාවට මාට්ටු

colombotoday

රට ආරක්ෂා කළ හැක්කේ එජාපයට පමණයි

colombotoday

ආගමික කටයුතු හා නිදහසේ කාලය ගතකිරීමට පමණක් ගාලු මුවදොර පිටිය වෙන්කෙරේ

Admin

රජයේ වාහනයකින් හරකුන්ට තණකොල ඇදලා?

Admin

ග්ලයිෆොසේට් ආනයනයට අවසර

colombotoday

පියයුරු පිළිකා සෛල නසන මීමැසි විස

colombotoday