Colombo Today Local News

වැලිකඩ සිද්ධියෙන් මියගිය රැදවියන්ට ලක්ෂ 200ක් වන්දි !

2012 වර්ෂයේ දී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ කලහකාරී සිද්ධියෙන් මියගිය හා තුවාල ලැබු රැඳවියන් විසි දෙදෙනෙකුට වන්දි ගෙවීමේ කටයුතු සඳහා ගැටළු මතුව ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්තාපන අමාත්‍යංශය පවසයි.
එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මියගිය හා තුවාල ලැබු රැඳවියන්ගේ තොරතුරු ලබාගැනීමේ දී ඇති වු දුෂ්කරතා හේතුවෙන් මෙලෙස වන්දි ගෙවීමේ කටයුතු සඳහා ගැටළු මතුව ඇති බවයි.
අදාළ සිද්ධියෙන් මියගිය එක් රැඳවියෙකු සඳහා රුපියල් ලක්ෂ 20ක මුදල් වන්දි සහ තුවාල ලැබු එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක වන්දි මුදලක් ගෙවීමට අමාත්‍යංශය තීරණය කර තිබුණි.
ඒ අනුව මියගිය රැඳවියන් දස දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 200ක මුදලක් ඊයේ දිනයේ දී ඔවුන්ගේ ඥාතීන් වෙත ප්‍රදානය කර තිබේ.
මීට අමතරව තුවාල ලැබු රැඳවියන් පස් දෙනෙකු සඳහා රුපියල් දෙලක්ෂ පනස් දාහක වන්දි මුදලක් ද ප්‍රදානය කර ඇති බව වාර්තා වෙයි.
මෙම සිද්ධියනේ මියගිය සහ තුවාල ලැබුවන් වෙනුවෙන් රුපියල් මිලියන විසි දෙකයි දශම පහක මුදලක් වන්දි වශයෙන් ලබාදීමට රජය සැලසුම් කර තිබේ.

Related posts

නිවසේ විදුලි සෝපාන කඩා වැටී හිටපු සෞඛ්‍ය ඇමැති මරුට

Admin

නාවික හමුදා බුද්ධි අංශයේ තවත් අයෙකු රිමාන්ඩ්

colombotoday

වෘත්තිය සමිති රැසක රජයේ විධායක නිලධාරීන් සංඛේත වර්ජනයක්

colombotoday

අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය පිහිටුවීමේ පනත හා රණවිරු දඩයම

colombotoday

ගාලුමුවදොර යන ශ්‍රීලනිප මන්ත්‍රීන් ගැන මේ පාරනම් තීරණයක් ගන්නවා !

colombotoday

මහල් හයක ගොඩනැගිල්ලක ගින්නකට හසු වී 43 දෙනෙකු ජීවිතක්ෂයට

Admin