Colombo Today Local News

තායිවාන බැංකුවට විද්ද “හංසයා” පක්ෂයේ සභාපති මෙරට පුරවැසියෙකු නොවන බව හෙළිවේ !

තායිවාන බැංකුවක මුදල් වංචාවක් සම්බන්ධයෙන් රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන බව රහස් පොලිසිය කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියට අද (11) දැනුම් දුන්නේය.

ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ එංගලන්තයේ පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු බවත්, ඔහුට ලංකාවේ රැදී සටීම සඳහා ලබාදී ඇති වීසා කාලය ලබන දෙසැම්බර් මාසයෙන් අවසන් වන බවත් රහස් පොලිසිය පැවසීය.

නිව්යෝර්ක් නුවර පිහිටි ‘සිටි බැංකු මූලස්ථානයේ‘ පරිගණක ඡාලයට අනවසරයෙන් ඇතුළු වී මුදල් වංචා කිරීමෙන් අනතුරුව ඉන් 50% ක මුදලක් බෙදා ගැනීමට සුදානමින් සිටි ඉන්දියන් ජාතිකයෙකු පිළිබඳ තොරතුරු හෙළි වී ඇතැයි දැනුම් දුන් රහස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරමින් සිටින්නේ යැයිද කීවේය.

ශලීල මුණසිංහ මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුන “හංසයා“ පක්ෂයේ සභාපතිවරයාද වෙයි.

Related posts

බහාලුමක් කඩා ලක්ෂ 25ක එනසාල් සොරකම් කළ තිදෙනෙකු අත්අඩංගුවට..

Admin

මහ නාහිමිවරුන්ගේ ප්‍රකාශ ජනතා මතයයි… අප එයට ගරු කළ යුතුයි – මධ්‍යම ආණ්ඩුකාර නිලූකා

colombotoday

අනුර කුමාර දිසානායක කේරලයට

Admin

වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව තවත් භූ කම්පනයක්

colombotoday

අගමැතිට, කිරිඇල්ලට කථානායකගෙන් දැඩි අවවාද !

colombotoday

කුරුණෑගල ගොඩනැගිල්ල කඩාදැමීම ගැන පරීක්ෂණ විධිමත් කරන ලෙස නීතිපතිගෙන් උපදෙස්

colombotoday