Colombo Today Local News

දිය නාමින් සිටි සිසුවෙක් කිඹුලෙකුට බිලි

නෑගම්පහ, මානේරුව වැවේ දිය නාමින් සිටි වයස අවුරුදු 15 ක පාසල් ශිෂ්‍යයකු කිඹුලෙකුට බිලිව ඇතැයි පොලිසිය කියයි.

මෙම දරුවාගේ මෘත දේහය අද(12) උදෑසන වැවේ තිබී හමු වූ බව ද පොලිසිය සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ මානේරුව මහා විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ බී එම් ඉමන්ත ඉන්ද්‍රජිත් බාලසූරිය නමැති සිසුවෙකි.

තවත් කුඩා දරුවන් දෙදෙනකු සමග මෙම සිසුවා ඊයේ (11) පස්වරුවේ වැවේ දිය නෑමට ගොස් ඇත.

අනෙක් කුඩා දරුවන් දෙදෙනා දිය නා අවසන්ව ගොඩට වී සිටින විට මියගිය දරුවා තනිව වතුරේ නාමින් සිටියදී කකුලෙන් අදින බවට කෑගසා තිබේ. ඒ සමගම කිඹුලා දරුවා ඩැහැගෙන ගොස් ඇතැයි කියයි.

Related posts

අන්‍යාගම්කරණයට ලක් කරන ආගමික මධ්‍යස්ථානවලට එරෙහිව නීතිමය පියවර

Admin

ඇලෝසියස් මෙන්ඩිස් සමාගමේ ගිණුමෙන් කෝටි 100ක අල්ලස් දීලා..

colombotoday

තහනම් උත්තේජක අරන්… කුසල් ජනිත්ට ක්‍රිකට් තහනම්

colombotoday

වැටලීමකදී අතුරුදන්වූ කොස්තාපල්වරයාගෙ සිරුර හමුවෙයි

Admin

වීරකුමාරට නීතිය හා සාමය රාජ්‍ය ඇමතිධුරය !!

colombotoday

“අලුත් ලංකාවේදී” සමලිංගිකත්වය පිලිගන්න නීති රාමුව සැකසෙයි

colombotoday