Colombo Today Local Newsextremism & terrorism activities

රොහින්ග්‍යා ගැටළුව ගැන රවුෆ් හකීම් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි..

මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන්ට සහයෝගය ලබා දීම සදහා වහාම ක්‍රියාමාර්ගයක් ගන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවූෆ් හකීම් විදේශ කටයුතු ඇමති තිලක් මාරපන වෙත ලිපියක් යොමුකර ඇත.

රොහින්ග්‍යා ප්‍රජාවට එරෙහිව සිදුකරන ප්‍රචන්ඩ ක්‍රියා වහාම නතරක කර කලාපීය සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන්නැයි මියන්මාර තානාපතිවරයාගෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලා සිටිය යුතු බවත්, විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා ජාත්‍යන්තර සංවිධාන සමග එක්ව කටයුතු කරන ලෙසත් ලිපිය මගින් ඔහු ඉල්ලීමක් කර ඇත.

මේ පිළිබදව රජයේ ස්ථාවරය ප්‍රකාශ කරමින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇති අමාත්‍යවරයා, රොහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විවාදයක් ලබා දෙන ලෙසත්, මියන්මාර් රකීන් ප්‍රාන්තයේ ප්‍රචන්ඩ ක්‍රියා අවසන් කිරීමට ඉල්ලමින් යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවත් ලිපිය මගින් අවධාරණය කර ඇත.

 

Related posts

තවත් ග්‍රාම නිලධාරි වසම් 11ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරේ

colombotoday

ශ‍්‍රීලනිපයෙන් මෛත‍්‍රී ඉවතට නායකත්වය මහින්දට

colombotoday

ජනපති එන සතියේ අවසන් තීරණය ගනී… පළමුව දෙදෙනෙකු එල්ලයි…

colombotoday

ප්‍රවීන රංගන ශිල්පි ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

හොරණ මූලික රෝහලේ සෞඛ්‍ය සේවකයින් උද්ඝෝෂණයක

colombotoday

ශ්‍රීලනිප ප්‍රබල ඇමති 5ක් බැසිල් හමුවේ.. ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙන්න සියල්ල සූදානම් !

colombotoday