Colombo Today Local News

උසස් පෙළ වෙනස් වෙයි.. අලුතෙන්ම එකතු වූ විෂයන් මෙන්න

එළඹෙන ඔක්තෝබරයේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙසත්, 2019 වසරේ සිට සමස්ත පාසල් පද්ධතිය ම ආවරණය වන පරිදිත් ක්‍රියාත්මක කිරීමට නියමිත 13වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ උසස් පෙළට අලුත් විෂයයන් රැසක් ඇතුළත් කර තිබෙනවා.

මෙම විෂය ධාරාව වෘත්තීය විෂය ධාරාව ලෙස හඳුන්වනු ලබන අතර, එය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතයි. ඒ පොදු විෂය මාලාව සහ ව්‍යවහාරික විෂය මාලාව වශයෙනුයි. පොදු විෂය මාලාව යටතේ ප්‍රධාන විෂය ක්ෂේත්‍ර 09ක් ආවරණය කෙරෙනවා. උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට ඇතුළත් වන සියලු සිසුන් අධ්‍යයන වසර දෙකට අයත් පළමු මාස 6 දී මෙම විෂය ක්ෂේත්‍රයන් අනිවාර්යයෙන් ම හැදෑරිය යුතු බවයි සදහන් වන්නේ.

සිසුන් විසින් ප්‍රගුණ කළ යුතු එම විෂය ක්ෂේත්‍ර පහත දැක්වේ.

1.     පළමු බස (සිංහල හෝ දෙමළ)

2.     ව්‍යවහාරික ඉංග්‍රීසි සහ සන්නිවේදන කුසලතා සංවර්ධනය

3.     සෞන්දර්ය රසාස්වාදය හා සබැඳි කුසලතා

4.     තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා

5.     පුරවැසිභාවයට අදාළ කුසලතා

6.     සමාජ යහපැවැත්ම සඳහා අවශ්‍ය සෞඛ්‍ය හා ජීවන කුසලතා

7.     ව්‍යවසායකත්ව කුසලතා

8.     ක්‍රීඩා හා අනෙකුත් විෂය සමගාමී ක්‍රියාකාරකම්

9.     වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන්

මෙම පොදු විෂය මාලාව හඳුන්වාදිමේ අරමුණ වන්නේ සිසුන් තුළ ප්‍රායෝගික වැඩලෝකයට අත්‍යවශ්‍ය වන පෞරුෂත්වය ඇතුළු අනෙකුත් මූලික කුසලතා තහවුරු කිරීමයි.

ඉන් අනතුරුව, ඉතිරි මාස 18 තුළ අධ්‍යයනය කිරීම සඳහා පහත විෂයයන් 26 අතුරෙන් කැමති එක් විෂයක්තෝරාගැනීමට සිසුන්‍ට අවකාශ හිමි වනවා.

ව්‍යවහාර විෂයයන් (26)

1.      ළමා මනෝවිද්‍යාව හා ආරක්ෂණය           (Child Psychology and care)

2.      සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය                 (Health and Social Care)

3.      ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා                    (Physical Education ad Sports)

4.      ප්‍රාසාංගික කලාව                                      (Performing Arts)

5.      කාර්යසිද්ධි කළමණාකරණය                   (Event Management)

6.      ශිල්ප කලා                                               (Arts and Crafts)

7.      අභ්‍යන්තර නිර්මාණකරණය                      (Interior Designing)

8.      විලාසිතා නිර්මාණකරණය                        (Fashion Designing)

9.      ග්‍රැ‍ෆික් නිර්මාණකරණය                           (Graphic Designing)

10.    කලාව හා පිරිසැලසුම්කරණය                   (Art and Designing)

11.    භූ දර්ශන නිර්මාණකරණය                        (Landscaping)

12.    ව්‍යවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණ අධ්‍යයනය (Applied Horticultural Studies)

13.    පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Livestock Product Studies)

14.    ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය        (Food Processing Studies)

15.    ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය              (Aquatic Resource Studies)

16.    වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Plantation Product Studies)

17.    ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය                    (Construction Studies)

18.    මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය       (Automobile Studies)

19.    විදුලිය හා ඉලෙක්ට්‍රොණික තාක්ෂණ අධ්‍යයනය (Electrical and Electronic Studies)

20.    පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයනය  (Textile and Apparel Studies)

21.    ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යයනය         (Metal Fabrication Studies)

22.    ඇලුමිනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යයනය (Aluminum Fabrication Studies)

23.    මෘදුකාංග සංවර්ධනය                               (Software Development)

24.    වෙබ් නිර්මාණකරණය                             (Web Development)

25.    සංචරණය හා ආගන්තුක සත්කාර            (Tourism and Hospitality)

26.    පාරිසරික අධ්‍යයනය                                (Environmental Studies)

රැකියා වෙළඳපොළ ජයගත හැකිවෘත්තීය සංවර්ධන කුසලතා ප්‍රායෝගිකව අත්පත් කරගත හැකි විෂයයන් හැදෑරීමට ඒ අනුව මේ හරහා සිසුන්ට සෘජුව ම අවස්ථාව සැලසෙන අතරඅනාගත වැඩ ලෝකය තුළ ස්වාධීනව ස්වකීය වෘත්තීය කටයුතු කිරීමේ සුදුසුකම ඔවුන්‍ට හිමි වනවා.   

Related posts

පාසල් විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය ඇතුලත් කිරීමට නිර්දේශ කෙරේ !

colombotoday

අත් පා ගැටගැසූ කතක් පාළු මගක් අසල දමා ගිහින්

colombotoday

හෙරොයින් කිලෝ 8ක් සමගින් මුස්ලිම් ජාතිකයකු ගුවන්තොටුපලින් අත්අඩංගුවට

colombotoday

යහපාලන දූෂණ මර්ධන කමිටුව මහජන මුදල් කෝටි තුනකට වැඩි ප්‍රමාණයක් ලබා ගත් බව හෙළිවේ

colombotoday

ඥානසාර හාමුදුරුවෝ එදාට වඩා අද පරිණතයි. දුර ගමනක් තිබෙනවා. බැරි මොකද්ද කියලා හිතා ගන්න බෑ. | ඕමාරේ කස්සප අනු නාහිමි මූණටම කියති.

colombotoday

අපරාධ කල්ලි සාමාජික බැරල් සංඛ අත්අඩංගුවට

colombotoday