Colombo Today Local News

කතරගම වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට | සැකකරු යාල කැලයට පළා ගිහින්

කතරගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 52 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

ඊයේ (06)දින රාත්‍රී 7.30ට පමණ වෙඩි තැබීම සිදුකර ඇත.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සොයා කතරගම පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය මෙහෙයමුක් අරඹා තිබෙන අතර සැකකරු සිද්ධියෙන් පසු යාල කැලය දෙසට පළා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.

පෞද්ගලික අමනාපයක් මත මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට වාර්තා වී ඇත.

Related posts

සියලු ජලාශ එකම ආයතනයක් යටතේ පාලනයට අවධානය

Admin

14 වැනිදා දුම්රිය වර්ජනයක්

Admin

පොලිස් ඇමතිගේ පුතාට ගැසූ දඩය පොලිසිය ගෙවා ලයිසන් එක අතටම ගෙනත් දීලා.

Admin

නිශ්පාදක සුමන්තිරන්, අධ්‍යක්ෂක රනිල්, කරු නළුවෙක් පමණයි…

colombotoday

අගමැතිගේ 40වසරක පාර්ලිමේන්තු දිවි සැමරුමට දුප්පත් පවුලකට නව නිවසක් (Photo)

colombotoday

සිරිපා වන්දනා සමය ඇරඹෙයි…

colombotoday