Colombo Today Local News

“අප දරුවන් තැනිය යුත්තේ එක එකාට පෞද්ගලික ආතල් ගැනීම පිණිසද” – මහඇමතිගේ මගුල් සාරි නාඩගම ගැන සැර කතාවක්

මධ්‍යම පළාත් මහඇමතිවරයා මහ දවාලේ පාසැල් දැරියන් අපයෝජනයට ලක් කරන අයුරු

ලෝක වාර්තාවක් පිහිටුවීම සදහා මනුවරදී පෙරේදා පැවති මංගල උත්සවයකදී කිලෝ මීටර් 3ක් දිග සාරි පොටක් ඔසවාගෙන සිටීමට පාසැල් දැරියන් 250 දෙනෙකු යොදාගැනීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ ජාලාවලින් දැඩි විවේචන එල්ලවී තිබෙනවා. මහනුවර ප්‍රදේශයේ රූපලාවන්‍ය ශිල්පියෙකු විසින් සංවිධානය කර තිබුණු මෙම අවස්ථාවට පාසැල් ළමුන් යොදාගෙන තිබෙන්නේ මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායකගේ නියෝගය පරිදියි.

සිය මහ ඇමති බලය අවභාවිතා කරමින් මෙවැනි නීච ක්‍රියාවක් සිදුකළ සරත් ඒකනායක මහඇමති ධුරයෙන් නෙරපන ලෙසත්, මෙයට අනුබල දුන් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් මේ වන විට මහජන මතයක් ගොඩනැගෙමින් පවතී.

පහත දැක්වෙන්නේ මේ පිළිබදව සමාජ ජාලා ඔස්සේ පලවී තිබූ අදහසක්.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මගේ යාලුවෝ හැමෝම වෙතටයි !

සුබ උදෑසනක් වේවා, මිත්‍රවරුණි.

මෙහි සිටින්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ- මධ්‍යම පළාත් සභාවේ මහාමාත්‍ය වරයාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මඟින් ඔහුට පවරා ඇති බලතල සහ වගකීම් අටෝරාසියකි. මහඇමති ධූරයට අදාළ බලතල හැරුණු කළ, පළාත් පාලන විෂයයන් දහයක් ඔහුගේ අධීක්ෂණය යටතේ පවතී. “පළාත් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු” යනු ඉන් එකකි. කෙසේවෙතත්, ඔය පින්තූරයේ පෙනෙන විදියට ගැහැණුන්ගේ සාරිවල්ල ඇල්ලීම මධ්‍යම පළාත් මහ ඇමතිවරයා සතු විෂය පථයට අයත් නැත. කොටිම්ම, ගැහැණියකගේ සාරිවල්ල ඇල්ලීම කිසිදු දේශපාලන බලාධිකාරියක වගකීමක් නොවේ. එහි වගකීම ඇත්තේ සාරිය අඳින ඇත්තී ටය.

ඔබත් මමත් මේ අවදි වන්නේ පළාත් සභා මහඇමති වරයෙක් විසින් ගැහැණියක ගේ සාරිවල්ල ඇල්ලීම බැරෑරුම් වගකීමක් කරගත්, ඊටත් වඩා ,තමන්ගේ පරිපාලන සිමාවේ ඉන්නා පාසැල් දරු දැරියන් ලවා ඒකේ ඉතිරි කොටස උස්සන් යෑම පරම මිනිස් යුතුකමක් බවටත් ක්‍රියාවෙන්ම ඔප්පු කරමින් සිටින පීචන් උදෑසනක ටය. මේ විගඩම ගැන සුළු හරි දැනුම් තේරුමක් තිබුණා නම් වෙනදා ට පායන ඉර පවා කන්ද උඩරට අහසට නැඟෙන්නේ නැත. එය ඒතරම් කූජිත සිදුවීමකි.

මේ මධ්‍යම මහ ඇමති කවුද? අධ්‍යාපන සහ සංස්කෘතික විෂය භාර පළාත් අමාත්‍යවරයා හැටියට පාසල් දරුවන් සියගණනක් සාරිවල්ල උස්සන්න යෙදවීමට තරම් ඔහුට ඇති අමාරුව කුමක්ද? ඒ අමාරුව දුටු ජනාධිපතිවරයා, අධ්‍යාපන ඇමතිවරයා සහ අනෙක් බලාධිකාරින් ඒ ගැන ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? ඔය නියෝගය ආවහම අදාළ පාසලේ විදුහල්පතිවරයා කුමක් කළේද? පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, කොට්ටාශ අධ්‍යාපන අධ්‍යක්ෂ..කෝ? ඔහෙලා නිදිද?

මිත්‍රවරුණි,

මේවා උදම් රළක් සේ ආවේගය ආ මතින් සැනෙන් ඉහළට නැඟෙන ඊට පස්සේ ඔහේ බිඳිලා විසිරිලා කාටත් අමතකව යන අද දවසේ පොදු ප්‍රශ්නයයි.

හැබැයි, මෙන්න මේ ටික ඔබ විසින් අමතක කළ යුතුව නැත.

ඒ දරුවන් ඉගෙන ගන්නා පාසලේ නම අලවතුගොඩ සරත් ඒකනායක ප්‍රාථමික විදුහලය. ඒක සරත් ඒකනායක ගේ හෝ ඔහුගේ මාපිය, දූ දරු, නෑදෑ හිතමිතුරු සෙට් එකේ වියදමින් පවත්වාගෙන ඉස්කෝලයක් නෙවේ. ඒ රජයේ මුදල්ය. එහෙම වියදන් කරන්න රජයට ඒවා හම්බ කර දෙන්නේ ඔබත්-මමත් ය. ඒ පාසලේ ළමයි ඔක්කොටම ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් තිබේද? නොතෙමී ඉගෙන ගන්න පංති කාමර තිබේද? කොම්පියුටර් කරන්න පරිගණක විද්‍යාගාරයක් තිබේද? බොන්න වතුර ටිකක් තිබේද? උගන්වන්න ගුරුවරු සිටීද? ඒකෙ දරුවෝ කීයක් පහෙන්-හයට සමත් වෙනවාද? කීයක් හයට නොයා ඉස්කෝලේ හැර යනවාද?………..ඕයි සරත් ඒකනායක ! විෂය භාර අමාත්‍යවරයා හැටියට, පළාත බාර මහ මිනිහා හැටියට තමුන් සොයන්න ඕනා මෙන්න මේවා ගැනය. අදාළ සාරිය හිමි කාන්තාවගේ සාරිවල්ල කුණු දූවිලි නොගෑවෙන්න අරං යන එක බාර ඇගේ මනුස්සයාටය.

මධ්‍යම පළාත් සභාවේ මහාමාත්‍ය වරයාගේ උවමනාව මත ගැහැණුන්ගේ සාරිවල්ල අල්ලන්න පාසල් දරුවන් යෙදවීම අපයෝජනයකි. ඒ මත පිහිටා මධ්‍යම මහඇමති ටත්, එයාගේ ඕඩර්ස් ලද පාසල් විදුහල්පති ටත් මේවා බල බලා නැසූ කන්ව ඉන්නා අධ්‍යාපන ඇමැතිටත් එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයකට යා යුතුය. ඒක එදා එතැන සිටි දරුවෙකුගේ මවක්- පියෙක්- හෝ භාරකරුවෙක් මූලික වී පැමිණිල්ලක් ලෙස නීතියේ සටහන් කිරීමේ අවශ්‍යතාවක් ඇත.

අප දරුවන් තැනිය යුත්තේ එක-එකාගේ පෞද්ගලික ආතල් පිණිස ගැහැණුන්ගේ සාරිවල්ල අල්ලන් යාමට නොවේ.

නදීෂා  චන්ද්‍රෙස්න – FB

[fbvideo link=”https://www.facebook.com/haraspara/videos/1854084274904151/” width=”580″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

සංජීව ධම්මික සහ ආනන්ද පාලිත ඇප මත මුදාහරී

Admin

දුම් ඇල්ලීම නිසා ස්නායු ශෛලවලට හානි සිදු විය හැකි.. කිසිසේත් හුමාලය ආග්‍රානය නොකරන්න

colombotoday

බුද්ධි අංශ හෙළිදරව් කරද්දීත් ලංකාවේ ISIS ත්‍රස්තයන් නැතැයි කියන NGOවේ පැටිකිරිය මෙන්න

colombotoday

ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව වැඩි කරන්න යයි

colombotoday

පාසල් ගිය බාලිකා ළමා නිවාසයක දැරියන් දෙදෙනකු අතුරුදන්

Admin

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනට බාධා

Admin