Colombo Today Local News

ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව වැඩි කරන්න යයි

ත්‍රිරෝද සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ලබන සතියේ වැඩි කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

දැනට සතියක කාලයකට ලීටර් 5ක කෝටාවක් ත්‍රිරෝද රථයකට හිමි වන අතර එය ප්‍රමාණවත් නොවන ලෙස සඳහන් කරමින් ත්‍රිරෝද රථ රියැදුරන් ඉකුත් සතියේ ද විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාට සන්දේශයක් ද දී තිබිණි.

එසේ ම, මිල සූත්‍රයට අනුව ඉදිරියේදී ද කටයුතු කරන බව ත් දැනට ආනයනික ඉන්ධන සඳහා යම් සහනයක් ලැබී ඇති බව ත් එම සහනය ජනතාවට ලබා දෙන බව ත් අමාත්‍යවරයා පවසයි.

සපුගස්කන්ද පිරිපහදුව වැසී යාම හේතුවෙන් භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන නිෂ්පාදනය කිරීමට නොහැකි වීම මත එම ඉන්ධන ආනයනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර යි.

Related posts

“නෝනා කෙනෙක් ඇවිත් බාධා නොකළ නම්, ඇළ මාර්ග සියල්ල හාරලා.. බාධා කරපු අය නිසා තමා මේ ගංවතුර ප්‍රශ්න “

colombotoday

වැලිකඩ බන්ධනාගාර රෝහල තුළ නොසසුන්කාරි තත්වයක්

colombotoday

මන්ත්‍රී ප්‍රේමලාල් ඇප මත නිදහස්

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට ඉහළම තැනක සැළසුම් !

colombotoday

මාතලේ- නාඋලට කැරළි මර්ධනය කැදවයි.. ආරක්ෂාව තර කෙරේ

colombotoday

නොදන්වා රට සවාරි ගිය එජාපයේ 25කගෙන් නිදහසට කරුණු විමසයි

colombotoday