Colombo Today Local News

ඡන්දෙට වැඩකරපු, සුදුසුකම් නැති පිරිසකට රාජිත සහ බිරිය දුන් පත්වීම් කෝප් කමිටුවෙන් අත්හිටුවයි

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කිසිම සුදුසුකම් පරීක්ෂාවකින් පවා තොරව දේශපාලන අවශ්‍යතා මත ශ්‍රී ලංකා රාජ්‍ය ඔෂධ නිශ්පාදන නීතිගත සංස්ථාවේ රැකියා සඳහා ලබා දී ඇති පත්වීම් 24ක් අත්හිටුවා එම රැකියා ලාභීන්ගේ සුදුකම් පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් සභාව විසින් එම සංස්ථාවට නියෝග කර ති‍බේ.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලිපි ශීර්ෂ යොදාගනිමින් ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන බිරිඳ වන විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ අත්සනින් ශ්‍රී ලංකා රාජ්‍ය ඔෂධ නිශ්පාදන නීතිගත සංස්ථා වෙත නිකුත් කළ ලිපියක් මගින් මෙම සේවකයන් බඳවාගැනීමට උපදෙස් ලබා දී ඇත.

බඳවා ගත් තවත් සේවකයින් 06 දෙනෙකු සේවයට වාර්තා නොකර වැටුප් පමණක් ලබාගෙන ඇති බවද කෝප් කමිටුවේදී අනාවරණය වී ඇත. එමෙන්ම මෙම පිරිසෙන් 18 දෙනෙකු 2015 නොවැම්බර් 09වන දින බඳවාගෙන ඇති නමුත් ඒ සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත්තේ 2016 මැයි 18වනදාය.

ඒ අනුව මොවුන්ගේ පත්වීම් සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබීමට පෙර පත්වීම් ලබා දී ඇත.

ඒ අනුව මොවුන් බඳවා ගත් ක්‍රමවේදය සහ මොවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමටත් සේවට වාර්තා නොකර වැටුප් ගැනීම හා නීතිවිරෝධී ලෙස ඇමතිවරායාගේ සම්බන්ධීකරණ ලේකම්වරු කටයුතු කිරීම සම්බන්ධයෙන් සොයා ලැබීමත් අදාළව පරීක්ෂණයක් සිදු කිරීම සඳහා කෝප් සභාව විසින් අදාළ පත්වීම් අත්හිටුවා තිබේ.

Related posts

අමෙරිකාවෙන් තවත් එන්නත් මාත්‍රා ලක්ෂයක පරිත්‍යාගයක්

colombotoday

ඉන්ධන ගබඩා කරන්න කොළඹ වරායේ ඉඩම් කැබැලි හතරක් ආයෝජකයකුට

Admin

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් ගැන දැනුම්දීමක්

Admin

ඒකාබද්ධ විපක්ෂය ‘දෙවැනි සටන‘ ට සැරසෙයි !

colombotoday

පෙරේදා මහ රෑ ලංකාවට ආ ඇමරිකානු ගුවන් ඒකකය TNA සමග උතුරේ මෙහෙයුමක

colombotoday

ඇල්පිටිය ප්‍රා. සභාවේ ධූර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

Admin