Colombo Today Local News

මෙදා පාරනම් ගැලවීමක් නැතිවෙයි..! තුන් පැත්තකින් වටකරයි… මරණ තුනක් ඇති අගමැති පැණි කන හැටි !

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතු බවට ඔහු නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂයෙන් එල්ල වන බලපෑමත්, ඔහුට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවත් ඔහු දරන අගමැති ධුරය යටතේ තවදුරටත් ආණ්ඩුවේ තනතුරු දැරිය නොහැකි බවට හා විපක්ෂයේ අසුන් ගන්නා බවට ශ්‍රී ලනිප මැති ඇමැතිවරුන් කරන බලපෑමත් හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑ ආකාරයේ දේශපාලන උවදුරකට මුහුණ පා සිටී.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ඉකුත් මාස කිහිපය තුළ පැවැති අර්බුදකාරී තත්ත්වය උග්‍ර අතට හැරී පක්ෂය දෙකඩවී අගමැති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් පමණක් නොව අගමැති තනතුරෙන්ද ඉවත් කෙරෙන තත්ත්වයක් දැන් නිර්මාණය වෙමින් පවතී.

මේ මස අවසන් වීමට පෙර පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වී පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට අවස්ථාවක් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා නොදුණහොත් දැනට ඒකරාශී වී සිටින එජාප පසුපෙළ මන්ත්‍රිවරු 28 දෙනකු විසින් අස්සන් කර වික්‍රසිංහ මහතා අගමැති තනතුරෙන් ඉවත් කිරීම සඳහා විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. මේ කණ්ඩායම ඇමැති, නියෝජ්‍ය ඇමැතිවරුද වෙති.

ඒකාබද්ධ විපක්ෂය පසුගිය සිකුරාදා අගමැතිට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට අස්සන් ලබාගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක්ද එයට අස්සන් තබා ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ සිටිනතාක් කුමන බලපෑම් එල්ල වුවද පක්ෂයේ නායකත්වයෙන් ඉවත් නොවන බව සඳහන් කරන එජාපයේ එම මන්ත්‍රි කණ්ඩායම වික්‍රමසිංහ මහතාට තවදුරටත් අගමැති ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව සලසමින් පක්ෂ නායකත්වයෙන් ඉවත්වී පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට අවස්ථාව සලසන ලෙස ඉල්ලීම් කළ අවස්ථාවේ ඒ අනුව පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වන බවට කැමැත්ත පළ කළත් ඉවත් වන දිනය මෙතෙක් ප්‍රකාශයට පත් නොකිරීම නිසා තවදුරටත් බලා සිටීම මිරිඟුවක් පිටුපස යෑමක් බව එම මන්ත්‍රි කණ්ඩායමේ අදහස වී ඇතැයි එම කණ්ඩායමේ ජේ‍යෂ්ඨ මන්ත්‍රිවරයෙක් පැවැසීය.

තම පක්ෂයේ නායකයා ලෙසත් අගමැති තනතුර දැරූ අවස්ථාවලදීත් ප්‍රශ්නයක් ඇතිවූ හැම අවස්ථාවකදීම ඉන් බැහැරවීම සඳහා කමිටු පත්කර වාර්තා ලබාගෙන ඒවා හමස් පෙට්ටියට දැමීම සුපුරුදු ක්‍රියාවක් බැවින් පක්ෂ නායකත්වයෙන් ඉවත්වී පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන්ද ඔහු සුපුරුදු ක්‍රියා පිළිවෙත අනුගමනය කරමින් සිටින බවද එම මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

තම කණ්ඩායම ගෙන ඇති තීරණය ඉදිරි දිනකදී අගැමැතිවරයා හමුවී දැනුම් දෙන බවද ඔහු පැවැසීය.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරන ආණ්ඩුවක තවදුරටත් මැති ඇමැතිකම් දරන්නට සූදානම් නැතැයි පවසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ බහුතරය, ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ කැබිනට් සංශෝධනය කිරීමට පෙර අගමැති ධුරයේ වෙනසක් ඇති කළ යුතු බවට එම කණ්ඩායම ජනාධිපතිවරයාට හෙට (19) ලිපියක් භාරදීමට නියමිතය.

(මව්බිම)

Related posts

ප්‍රතිව්‍යුහගතකරණයට මුවා වී රාජ්‍ය වැවිලි සමාගමත් විකිණීමට සැරසේ !

colombotoday

තෙවරප්පෙරුම අනවසර වගාවන්ට ලබා දී ඇති ප්‍රදේශය පුරාවිද්‍යා භූමියක්

colombotoday

කොළඹ රාජකීය විදුහල්පතිටත් මුදල් අක්‍රමිකතා චෝදනා

colombotoday

නීතිය දැන් තදයි, ෆේස්බුක් වැරදිවලට අවුරුදු 3 ක් හිරගෙට

colombotoday

ඉඩම් මැනීම ඇමරිකාවට.. රෙදි සේදීම ඉන්දියාවට.. සෝමාවතී රක්ෂිතයත් ඇමරිකානු ඩෝල් සමාගමට

colombotoday

අපි ළමයින්ගේ හිත් තුලට දාන දේවල් ගැන ප්‍රවේසම් වෙන්න ඕන

colombotoday