Colombo Today Local News

අනතුරට පත්වූ මෝටර් රථය මගේ ඥාතියෙකුගේ – ඇමති කබීර් හෂීම්

තලවතුගොඩ වහන දෙකක් අනතුරට ලක් කරමින් කිඹුලා ඇලට ඇද වැටුණු මෝටර් රථයේ හිමිකරු තම ඥාතියෙකු බව අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසනවා. උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම පුද්ගලයා තම කාර්ය මණ්ඩලයේ හෝ දේශපාලන කටයුතු වලට සම්බන්ධ නොමැති අයෙකු බවයි.

පෙරේදා (17) අලුයම තලවතුගොඩ ප්‍රදේශයේදි BMW i8 වර්ගයේ සුපිරි මෝටර් රථයක් විසින් තවත් මෝටර් රථ දෙකක් අනතුරට පත්කරමින් අසළ තිබු ඇලකට පෙරළි තිබුණා.

මෙම අනතුර සම්බන්ධයෙන් තලංගම පොලිසිය විසින් මේ වන විට පරික්ෂණ ආරම්භ කර තිබෙනවා. එ අනුව , දැනට පොලිසිය විසින් සිදුකරණ පරික්ෂණවල සිය පුර්ණ සහයෝගය පිරිනමන බවයි උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය සිය නිවේදනය මගින් පවසන්නේ.

කෙසේ වෙතත් මාධ්‍ය වාර්තා කර තිබුණේ අදාළ මෝටර් රථ අනතුර යට ගැසීම සදහා අමාත්‍යාංශයක ලේකම්වරයෙකු පොලිසියේ ඉහළ නිලධාරීන්ට බලපෑම් කරමින් සිටින බවයි.

මේ වන විට හෙළිදරව්වී තිබෙන තොරතුරු අනුව මෙම රථය පදවා ඇත්තේ, කබීර් හෂීම් අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු මෙන්ම ඔහුගේ මස්සිනා ද වන රිකාස් හුසේන්ගේ නමැති අයගේ සොයුරා විසින් යැයි පැවසේ. රිකාස් හුසේන් කුප්‍රකට බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ඉදිරියෙන්ම නම කියැවෙන අයෙකු යැයිද පැවසේ.

මෙම රථය දැනට දින කිහිපයකට පෙර කෝටි 03 කට ආසන්න මුදලක් ගෙවා මෙම රථය මිලදී ගෙන ඇත්තේ කොළඹ පිහිටි Bavarian Motors Pvt Ltd ආයතනයෙනි. අනතුර සිදුවන අවස්ථාවේදී නිසි ලෙස ලියාපදිංචිය සම්පූර්ණ කර නොතිබූ බැවින් ගරාජ් අංක භාවිත කරමින් ධාවනය කර ඇත.

Related posts

අශෝක් ස්ටීල් හා RS ස්ටීල් කම්බි බාලයි ? කම්බි ලොවේ කම්බ හොරු.

colombotoday

වසර දෙකක් දැරියක් දුෂණය කල සිද්ධියට එක් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

Admin

මහින්දගේ කාර්යාලය අසල ගැවසුණු සැකකටයුතු පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ට ජාත්‍යන්තර තනතුරක්

colombotoday

හොර වැඩ එළිවෙනවාට බයේ බදුර්දීන් අමාත්‍යාංශයේ සිංහල සේවකයන් පහළම තට්ටුවට දමයි !

colombotoday

භික්ෂූන් වහන්සේලාට එජාපයෙන් තහනමක්…

colombotoday