Colombo Today Local News

මෛත්‍රි-ගෝඨාභය එකතු වී රට සශ්‍රීක කරයි කියන බයට ඔවුන් මරන්න කුමන්ත්‍රණ කරනවා

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්‍ෂ මහතා එක් වුවහොත් මේ රට නැවත සශ්‍රී ක කරයි යන බලාපොරොත්තුව ජනතාවට තිබෙන බැවින් ඔවුන් මරා දැමීමට කුමන්ත්‍රණය කරන්නේ ඒ නිසා දැයි බණ්ඩාරගම වික්‍රමශීලා විද්‍යායතනයේ උප පරිවේණාධිපති බණ්ඩාරගම චන්ද්‍රරතන හිමියෝ ප්‍රශ්න කරති.

බත්තරමුල්ල නෙලුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ බණ්ඩාරගම චන්ද්‍රරතන හිමි,

‘බලා ඉන්නැද්දි රට පිරිහෙන කාලේ ඒ වගේම තැන තැන මිනීමරන කාලේ නීතිය වල් වැදිලා කියන කතන්දර අපිට ඇහෙනවා. ඒ වගේම උතුරට එක නීතියක්, විග්නේෂ්වරන්ට එක නීතියක්, ඒ වගේම දකුණේ ආගමිකයන්ට තව නීතියක්. සිංහල අපි බලා ඉද්දි අපේ ජීවිත දිහා අනතුරක් දැක දැක අපි ගොළුවෝ වගේ අන්ධයෝ වගේ ඉන්නා ඕනි කාලෙක තවත් භයානක අනතුරක් ගැන අපිට ඇහෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා මේ රට කෑලිවලට කඩන්න උත්සාහ කරන වෙලාවේ ජනාධිපතිතුමාව ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් ගැන ආරංචි වෙනවා. ඒ අතර රාජපක්‍ෂ පවුලෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ගැන මේ රටේ ජනතාව බලාපොරොත්තුවකින් ඉන්නවා. මේ රට රකී, මේ රට ආරක්‍ෂා කරයි, කියලා ජනතාව බලාපොරොත්තු වෙනවා. ඒ වාසනාවන්ත සිතිවිල්ල නැතිවේගෙන යන අවස්ථාවකට පත් වෙලා තියෙනවා කියලා අපිට පේනවා.

මේ රටේ නායකත්වය දෙන ජනාධිපතිතුමා, ඒ වගේම මේ රටට අනාගත බලාපොරොත්තු තියන්න පුළුවන් මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒ පරපුරේ යම් කෙනෙක්. මේ රටේ රට, ජාතිය, සංස්කෘතිය රකින තැනක ඉන්නවා නම් රටේ ඔක්කොම නිදහස බලාපොරොත්තු වෙනවා නම් මේ වගේ නායකයන්ව මරන්න හදනවා කියන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාට දැන් වටිනාකමක් තියෙනවා. ඒ වගේම ගෝඨාභය මහත්තයාටත් දැන් වටිනාකමක් තියෙනවා. මේ දෙන්නා එකතු වුණොත් එහෙම මේ රට නැවත සශ්‍රීක කරයි කියන බලාපොරොත්තුව නැති කරන්නද මේ වෙඩි තියලා මරන්න කුමන්ත්‍රණය කරන්නේ කියලා අපි අහනවා.

අද වෙනකොට බල්ලා විසින් නගුට වනන ස්වභාවය නගුªට විසින් බල්ලා වන ස්වභාවයට ඇවිල්ලා. ඒ යුගයෙන් නිදහස් කර ගන්න මහ සංඝරත්නය අපි බලාපොරොත්තු වෙනවා.

සෙනඟ දකින්න දකින්න කිරි පැකැට් එකකට හරි වහ ටිකක් දාලා දෙන්න කටයුතු කරනවා. බල්ලෙකුටවත් අපි විස දෙන්නේ නැහැ. ඒ වගේ අවාසනාවන්ත තත්ත්වයකට රට පත් වෙලා. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මිනිසුනේ දැන් හිත හිතා හිටියා ඇති. අපේ අදහස් රජ කරවන්න අවශ්‍ය කාලේ ඇවිල්ලා.

ඒ වගේම ජනාධිපතිතුමෝ, ගෝඨාභය මහත්තයෝ යමක් හිතලා වැඩ කරන්න ඕනි කාලේ. ජීවිත පරිස්සම් කරගන්න ඕන කාලේ.
එගොඩ උයන ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිකාරි එගොඩ උයනේ ඥානවිමල හිමි,

‘මේ ආණ්ඩුව ජනතාවගේ අභිමතයන් විනාශ කරමින්, පවතින තත්ත්වයකට පත් වෙලා.

රටේ නීතිය රකින්න ඉන්න ප්‍රධානීන් භික්ෂුන් වහන්සේට මේ චෝදනාවන් එල්ල කරන්නේ ඇයිද කියන එක පැහැදිලි කළොත්, භික්ෂුන් සහ ජනතාව තුළ තිබෙන ඒකාබද්ධතාව කැඩුවාට පස්සේ මේ රට ඇතුළේ ඕනෑම දෙයක් කරන්න පහසුයි.

වෑබඩ රජමහ විහාරයේ විහාරාධිපති වෑබඩ පියරතන හිමි,

‘පොලිසියේ ජෝකර්පතිට අපි කියනවා ඔබතුමාට අයිති කාර්යය ජෝකර්පතිකම නෙවෙයි. නීතිය සාමය ආරක්‍ෂා කරලා වැදගත් විදියට තමන්ගේ නිලය ආරක්‍ෂා කර ගන්න කියලා අපි කියනවා. ඔබතුමා විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඔබතුමාගේ මොළේ පරීක්‍ෂා කරගෙන ඉක්මනින් බෙහෙත් ගත්තේ නැත්නම් මේ රට වල් වදිනවා කියලා අපි මතක් කරලා දෙන්න කැමැතියි.’
වටිනාපහ සෝමානන්ද හිමි,

ශ්‍රී ලංකාව තුළ එදා සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමඟියෙන් ජීවත් වුණා. අද සිංහල ජනතාවට උතුර තහනම් වෙලා තියෙනවා. භික්ෂුන්ට වගේම මේ බුද්ධ ශාසනයටත් පෙර නොවූ විරූ ආකාරයට බැරෑරුම් තත්ත්වයක් මේ ආණ්ඩුව යටතේ සිදුවෙලා තියෙනවා.

Related posts

ආණ්ඩුව ගහපු අලුත්ම බද්ද මෙන්සස් බද්දලු.

colombotoday

වැලි ප්‍රවාහන බලපත් ඉවත් කිරීමෙන් රට පුරා ගං ඉවුරු වනසමින් වැලි හාරති.. පරිසර සංවිධානයන්ගේ දැඩි විරෝධය

colombotoday

දේව මෙහෙයක් පැවැත්වූ ස්ථානයක් මුද්‍රා තබයි. නිරෝධායන නීති කැඩූ මහවැව දේවගැතිවරයකුට නඩු

colombotoday

නැගෙනහිර ජැටිය 100%ක් වරාය අධිකාරියට | මා ගන්නා තීරණ සාකච්ඡා වලට පමණක් සීමා නොවී ඒවා ක්‍රියාවට නංවනවා – අගමැති

colombotoday

පෙළ පොත් සඳහා පණිවිඩය එක් කිරීමෙන් අමතර වියදමක් නෑ

colombotoday

මාලිනි විජිතා විජයවීර දිවි ගමනට සමු දෙයි

Admin