Colombo Today Local News

හිටපු නාවික හමුදාපති, හමුදාපතිගෙන් මිලියන 500ක් වන්දි ඉල්ලයි !

නව නාවික හමුදාපති ට්‍රැවිස් සින්නායියාගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් එන්තරවාසියක් යොමුකොට තිබේ.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගේ දැනුවත්වීම මත ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරේ රැදවුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බවට නව නාවික හමුදාපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් අසත්‍ය ප්‍රකාශයක් හේතුවෙන් තම කීර්ති නාමයට හානි සිදුව ඇති බව සදහන් කරමින් මෙම එන්තරවාසිය යොමුකර තිබේ.

මේ අතර විශ්‍රාමික රියර් අද්මිරාල් උදය කීර්ති බණ්ඩාර මහතාද නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ ප්‍රකාශයෙන් තම කීර්ති නාමයට හානි වූ බවත් රුපියල් මිලියන 500ක වන්දියක් අවශ්‍ය බවත් පවසමින් තවත් එන්තරවාසියක් යොමුකර තිබේ.

 

Related posts

එළි පෙහෙළි කිරීම් නැවතත් රිසි සේ.. විල්පත්තුව අනතුරේ !

colombotoday

කීත් නොයා පැහැර ගැනීම : සරත් ෆොන්සේකා CIDයට කැදවයි…

colombotoday

වැල්ලම්පිටියේ ඉදිකරන නිවසක් තුළ මළ සිරුරක්

colombotoday

බස්රථ සහ දුම්රිය ගමන් වාර ඉහළට

colombotoday

Covid 19: නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දමයි

colombotoday

“දැන් ඇති” ජෝන් අමරතුංග සමුගනී !

colombotoday