Colombo Today Local News

එළි පෙහෙළි කිරීම් නැවතත් රිසි සේ.. විල්පත්තුව අනතුරේ !

ජනාධිපතිවරයා විසින් සංරක්‍ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත්කරන ලද විල්පත්තු ජාතික වනෝද්‍යානයට ආසන්න රක්‍ෂිත වනාන්තර සම්බන්ධ ගැසට්‌ නිවේදනය අවලංගු කිරීමට යන බවට පැතිර යන ආරංචියත් සමඟ යළි එම වනාන්තර එළි පෙහෙළි කරමින් අනවසර පදිංචි කිරීම් සිදුවන බව එම ප්‍රදේශයේ ආරංචි මාර්ග හෙළි කරයි.

මුස්‌ලිම් දේශපාලන බලපෑම් මත ජනාධිපතිවරයාගේ එම ගැසට්‌ නිවේදනය අවලංගු කිරීමට ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස්‌ පරිදි පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පියවර ගත් බවට ආරංචි පැතිර ගොස්‌ තිබිණි.

මේ අනුව රට තුළ ඉමහත් ආන්දොaලනයට තුඩුදුන් එම අනවසර පදිංචි කිරීම් යළිත් ආරම්භ වී ඇතැයි එම ප්‍රදේශයෙන් වාර්තා වේ.

මේ ගැන වහාම ජනාධිපතිවරයාගේ සහ පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමුවිය යුතු බව ද පරිසර සංවිධාන නියෝජිතයෝ පවසති.

ශ්‍යාම් නුවන් ගනේවත්ත – දිවයින

Related posts

කථානායක ධුරයට මගේ අකමැත්තක් නෑ – මහින්ද යාපා කියයි

colombotoday

ඉංගිරියේ මනුෂ්‍ය ඝාතනයක්

colombotoday

නඩු 17කට වරෙන්තු නිකුත් වූ සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

පේක්ෂා රෝහලේ රේඩියෝ තෙරපි යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු අවසන්

colombotoday

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ එක් තීරුවක් තාවකාලිකව වැසෙයි

colombotoday

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයැදුම්පත්‍ර කැඳවීම ඇරඹේ

colombotoday