Colombo Today Local News

කතරගම මහා දේවාලයට ඉබියතුරු දමයි.. ඉතිහාසයේ මුල්වරට අළුයම දේව පූජාවත් අත්හිටුවයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ අද (22) අලුයම ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් සාම්ප්‍රධායිකව පැවැත්වෙන අලුයම පූජාවද අත්හිටුවා ඇති බවට වාර්තා වනවා.

බස්නායක නිළමේවරයා හා කපුමහත්වරුන් අතර ඇතිව තිබෙන ආරවුලක් දුරදිග යෑම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි සදහන් වන්නේ. දේවලයේ ප්‍රධාන කපුමහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ දේවාලය විවෘත කිරීමට යාමේදී බස්නායක නිළමේවරයා විසින් යතුර පැහැරගෙන ගිය බවයි.

තත්ත්වය පාලනය කිරීම සදහා පොලිස් නිලධාරීන්ද කැදවා ඇත. කතරගම මහ දේවාලයේ දේව පූජාව අත්හිටුවීමට සිදුවූ  අවස්ථාවක් මින් පෙර සිදුවී නොමැති බවද පැවසේ.

Related posts

පූගොඩ පොලිසියේ හිටපු OIC රක්ෂිත බන්ධනාගරයට

colombotoday

ලසන්ත ඝාතනය ගෝඨ පටලවන්න කට උත්තර දුන් ෆොන්සේකා තමන්ට විරුද්ධවම සාක්ෂි දී ගනී

colombotoday

ඡන්දය දා කලබල කළොත් පොලිසියෙන් වෙඩි…

colombotoday

මානව හිමිකම් කේන්ද්‍රය ධම්මික පෙරේරාගේ වත්කම් ප්‍රකාශ ඉල්ලයි

colombotoday

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පනත් දෙකක් කෙටුම්පත් කරමින් පවතී – රනිල් වික්‍රමසිංහ

Admin

ඉඩම් නැති අයට ඉඩම්, ගෙවල් නැති අයට ගෙවල්, විශ්වවිද්‍යාල සිසුන්ට ලැප්ටොප්,

colombotoday