Colombo Today Local News

පූගොඩ පොලිසියේ හිටපු OIC රක්ෂිත බන්ධනාගරයට

පූගොඩ පොලීසිය විසින් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙක් හදිසියේ අසනීපවී මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුගිය 11 වනදා රාත්‍රීයේ අත්අඩංගුවට ගත් අදාළ සැකකාර තරුණයා අසනීපවීම හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබුණි.

පසුව, 21 හැවිරිදි එම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා නියෝග කළේය.

ඒ අනුව, මුලික පරීක්ෂණයන්ට අදාළව පූගොඩ පොලීසියේ පොලිස් සැරයන්වරයෙකු ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ආහාර විස වීමකින් 325ක් රෝහලේ

colombotoday

රත්මලානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්

colombotoday

ඩොලර්වලට ඉන්ධන ‌දෙන්න ලියාපදිංචි කිරීම අරඹයි

colombotoday

ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවෙසක පිපිරීමක් | අත්හදා බැලීමක් සිදු කළාදැයි විමර්ශන

colombotoday

වැටලීමකට ගිය කොස්තාපල් අතුරුදන්

Admin