Colombo Today Local News

ස.ජ.බ ට පොහොට්ටුවේ මධුර ඇතුළු පිරිසකගෙන් කුණු බිත්තර ප්‍රහාරයක්

ඇතුළුකෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්‍යාලයට මීට මොහොතකට පෙර කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා ඇතුළු පිරිසක් පක්ෂ කාර්යාලය ඉදිරිපිට පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් මහලේකම්වරයා ප්‍රකාශ කරයි.

ජීවන වියදම ඉහළ යාම ඇතුළු කාන්තාවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් ජනාධිපතිවරයාගේ නිවස අසලට ගොස් සිදු කළ විරෝධතාවට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැක පළ කරන බවත් මහලේකම්වරයා සඳහන් කරයි.

Related posts

යාපනය පේදුරුතුඩුව සජිත්ට – 82% ප්‍රතිශතයකින් දිනයි !

colombotoday

පුංචි ඡන්දයට එන්නේ මහින්දගේ පක්ෂයකින්ම පමණයි.. අම්පාරේ පුංචි මන්ත්‍රීන් තීන්දුවකට එයි

colombotoday

වැඩවර්ජනයෙන් ජනතාවට නොමිලයේ දුම්රියේ යන්න අවස්ථාව

Admin

ලොරියකට පොලිසියෙන් වෙඩි

Admin

පාසල් සිසුන්ට ගෙදර ඉදන් ඉගෙන ගන්න රූපවාහිනී නාලිකා 20ක්

colombotoday

මනුෂ්‍ය ඝාතන දෙකකට ආධාර අනුබල දුන් 4ක් අල්ලයි

Admin