Colombo Today Local News

පාසල් සිසුන්ට ගෙදර ඉදන් ඉගෙන ගන්න රූපවාහිනී නාලිකා 20ක්

1 සිට 13 ශ්‍රේණි සඳහා අධ්‍යාපන වැඩසටහන් ඇතුළත් රූපවාහිනී නාලිකා 20ක් ස්ථාපනය කීරීමට රජය සැලසුම් කරන බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අද (06)දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයක්ට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

පාසල් දරුවන්ට රූපවාහිනිය මගින් නොමිලේ අධ්‍යාපන කටයුතු කර ගෙන යාම සහ ඒ් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට රජය උපරිම කැපවීමෙන් කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේය.

ඒ් අනුව, උසස් පෙළ විෂය ධාරාවන් සඳහා තාක්ෂණික, ජීව විද්‍යාව, ගණිතය සහ කලා විෂය ධාරාවන්ට වෙන්වූ නාලිකා 4ක් ස්ථාපනය කරන බව වැවිලි අමාත්‍යවරයා පැවසීය.

මේ වන විට විෂය මාලාව හා සම්බන්ධ පටිගත කිරීමේ කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශයේ සිදු වෙමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

ජනපතිගේ අමාත්‍යාංශයට එරෙහිව බුද්ධික FCIDයයි

colombotoday

එක්ස්රේ පටලවල හිඟයක්… දත් ආශ්‍රිත සියලු එක්ස්රේ පරීක්ෂණ කල් යයි…

colombotoday

හිස්බුල්ලාගේ පෙත්සම සලකා බැලීමෙන් විනිසුරු අර්ජුන ඔබේසේකර ඉවත්වෙයි

colombotoday

“සහල් මාෆියාව පිටුපස ඉන්නේ ජනපති සොයුරෙක් !“… අජිත් පී පෙරේරා

colombotoday

මධ්‍යම පරිසර අධිකාරියේ ටෙන්ඩර් මගඩියක් නිසා විශාල පාඩුවක්…!

colombotoday

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ අමුත්තන් බලන්න හෙරොයින් අරන් ඇවිත්

Admin