Colombo Today Local News

සෝමාවතී වනෝද්‍යානයත් අන්තවාදී මකර කටේ.. අක්කර තුන්දාහක් දැනටමත් වනසලා !

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අති සංවේදී විල්ලු පද්ධතියකින් යුක්ත වූ පොළොන්නරුව සෝමාවතී ජලගැළුම් නිම්න ජාතික වන උද්‍යානය තුළ මේ වන විට දැවැන්ත වන සංහාරයක් සිදුවෙමින් තිබේ.

සංවිධානත්මක මුස්ලිම් ජාතික කණ්ඩායමක් විසින් වන උද්‍යානයේ ඕනෑගම, අලිමුල්ල, වෙහෙරගොඩයාය ආදී ප්‍රදේශවල කපා එළිපෙහෙලි කරන ලද අක්කර තුන්දහසකට පමණ ප්‍රදේශයක මහා පරිමාණයෙන් නීති විරෝධී ලෙස වී ගොවිතැන සිදුකරමින් සිටී.

සෝමාවතී චෙත්‍යයට අයත් පරිවාර දාගැබ් 18ක් පමණ මෙම රක්ෂිත භූමිය තුළ පිහිටා තිබෙන අතර, ඉපැරණි නටඹුන් ගල්කණු, මුරගල් ඇතුළු මිළකල නොහැකි පුරාවස්තු සම්භාරයක් විනාශ කර දමා ඇත. වනෝද්‍යානය තුළ ගව ගාල් සිය ලණනක් ඉදිකර තිබෙන අතර, ඇතැම් තාවකාලික ඉදිකිරීම සදහා ඉපැරණ නටඹුන්වලින් ගලවාගත් ගඩොල් භාවිතා කර තිබෙනු දක්නට ලැබේ.

විල්ලු තිස් තුනකින් සමන්විත අධි සංවේදී පරිසර පද්ධතියක් මූ මේ වන උද්‍යානයට සිදු කරන හානිය පිළිබදව බලධාරීන් දැනුවත්ව ඇතත් ඒ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු පියවරක් නොගන්නේ මේ මහා සංහාරය හා ආක්‍රමණය පිටුපස බලවත් අදිසි හස්ථයක් ක්‍රියාත්මක වන බැවින් යැයි පැහැදිළිවේ.

ඉකුත් මැයි 14 වනදා බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු පිරිසක් මෙහි සංචාරයක නිරත වෙමින් මේ පිළිබද මුල්වරට අණාවරණය කර සිටි අතර, එහිදී ඥාණසාර හිමියන් සිදුකළ ප්‍රකාශයක් මහත් ආන්දෝලනයකට ලක්විය.

පසුගිය 23 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු පිරිසක්ද වනෝද්‍යානයේ සිදුකර ඇති විනාශය සොයා බැලීම සදහා සංචාරයක නිතර වූ අතර එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගම්මන්පිල මහතා ප්‍රශ්න කර සිටියේ, පොළොන්නරුවේ උරුමක්කාරයෙක් රටේ ජනාධිපති සහ පරිසර ඇමති ධුරය දරත්දී පොළොන්නරුවේ ඓතිහාසික උරුමයට සහ රක්ෂිත වනාන්තර වලට මෙවැනි ඉරණමක් අත්වන්නේ කෙසේද යන්නයි.

[fbvideo link=”https://www.facebook.com/UdayaGammanpilaFanPage/videos/10155542575024253/” width=”580″ height=”400″ onlyvideo=”1″]

සෝමාවතී පරිවාර චෛත්‍ය 18ක් සහිත රක්ෂිතය මුස්ලිම් පිරිසක් බිල්ලට ගනී

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළිත් රැස්වෙයි

Admin

ආනයනික ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගනී

colombotoday

වෙන්නප්පුවේදී හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

සිලින්ඩරයකින් 700 ක් පාඩුයි. මිල ඉහළ දාන්න ඕනි. නැත්නම් ගෑස් හිඟ වෙයි. | ලාෆ්ස් ගෑස් ලොක්කා කියයි.

colombotoday

විමසිල්ලෙන් ඉන්න – නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත්

Admin

මානව හිමිකම් සැසිවාරය අතරතුර ජිනීවාහී වීදි සැරිසරන ප්‍රභාකරන්ගේ රුව (Photo)

colombotoday