Colombo Today Local News

බෞද්ධයන්ට අපහාස කල මුජිබර් රහුමාන්, රංගේ බණ්ඩාර ගැන පරීක්ෂණ ඇරඹෙයි !

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බන්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් යන මහත්වරුන් සිරිකොතේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් බෞද්ධයන්ගේ සිත් වේදනාවට සහ පීඩාවට පත් කරන ප‍්‍රකාශ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඊයේ(10) කරුණු වාර්තා කළේය.

මාලඹේ ඉසුරුපුර ශ‍්‍රී විමලාරාමයේ වැඩ වෙසෙන අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් විසින් ඉකුත් 23වැනිදා පොලිස්පතිවරයා වෙත කරන ලද පැවිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කල බව සංවිධානාත්ම අපරාධ නිවාරණ කොට්ඨාශය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතාට දන්වා සිටියේය.

ඉකුත් 20 වැනිදා සිරිකොතේ පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය රංගෙ බණ්ඩාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් ලක්වැසි බෞද්ධ ජනතාවගේ සිත් වේදනාවට පත්වන ආකාරයෙන් මෙම ප‍්‍රකාශ කර ඇති බවට සිය පැමිණිල්ලෙන් දක්වා තිබිණ.

ඒ අනුව අදාළ මාධ්‍ය සාකච්ජාව ආවරණය කළ මාධ්‍ය ආයතන 06කට එම ප‍්‍රවෘත්තියට අදාල ඩී.වී.ඩී තැඩි තම කොට්ඨාසය වෙත ලබාදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා සිටියේය

Related posts

නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාගේ කාර්යාලයේ තිබී ආයුධ තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට…

colombotoday

අඩු ආදායම් ලාබී පවුල් ගල් යුගයට ගෙන යන ගමන් සිටිනවා

Admin

මැතිවරණයට සල්ලි නැත්නම් මන්ත්‍රී වැටුප මාස දෙකකට අත්හිටුවන්න

Admin

LED දේශපාලන දැන්වීම් තහනම් කල මැතිවරණ කොමසාරිස්ට එරෙහි නඩුව 31 ට කල් යයි.

colombotoday

ඉදිරියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත භූකම්පන අවදානමක්!‌ – අනතුරු ඇඟවීමක්

colombotoday

කුමාර් අල්ලන්න ඔත්තුව කුමාරගෙන්?

colombotoday