Colombo Today Local News

රජයේ යෝජනාවලට එකග නෑ.. GMOA නැවතත් රතු එළි දල්වයි !

සයිටම් ආයතනය අහෝසි කිරීම සම්බන්ධයෙන් රජයෙන් මෙතෙක්‌ යහපත් ප්‍රතිචාර නොමැති නිසා රට පුරා රජයේ රෝහල්වල යළිත් අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

මෙම වැඩවර්ජනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති රැසක සහාය ලැබෙන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.

ඉතා කෙටි දැනුම් දීමක්‌ මත මෙම වැඩ වර්ජනය සිදු කරන බවද වර්ජනය සඳහා දිනය හා වේලාව තීරණය කිරීමේ බලය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව වෙත පැවරූ බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.

රජය මේ සම්බන්ධව දක්‌වන ප්‍රතිචාර අනුව අඛණ්‌ඩ වැඩ වර්ජනය ඇතැම් විට අදද හෙටද නැතිනම් ලබන සතියේද යන්න ස්‌ථීරව කිව නොහැකි බවද මාධ්‍ය වෙත ඉතා කෙටි දැනුම් දීමක්‌ සිදු කර වර්ජනය දියත් කරන බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

ලාංකික සම්භවයක් ඇති දැරියක් අයින්ස්ටයින්ගේ – හෝකින්ස්ගේ බුද්ධිය පරදයි

Admin

හඳුනානොගත් පුද්ගල මළ සිරුරක් ඇළක තිබී හමුවෙයි

colombotoday

ජනපති මැදුරේ “භූගත නිවස්නය“ හැදුවේ ඇයි? හිටපු ආරක්ෂක ලේකම්වරයා හෙළිකරයි.

colombotoday

නව මිශ්‍රණ පොහොර දෙකක් ලංකා පොහොර සමාගමෙන් එලියට

Admin

පාලිත තෙවරප්පෙරුම පහරදීමකින් රෝහල්ගත කෙරේ

colombotoday

ඥානසාර තේරෝ හරිටම හරි. මම අගය කරනවා එයාව. කොන්ට්‍රෝල් කරන්න ඕන මුස්ලිම් පොලිටිසියන් එක. කරුණා අම්මාන් කියයි

colombotoday