Colombo Today Local News

නව මිශ්‍රණ පොහොර දෙකක් ලංකා පොහොර සමාගමෙන් එලියට

රජයට අයත් ලංකා පොහොර සමාගම විසින් මඩ පොහොර සහ බණ්ඩි පොහොර නව මිශ්‍රණ පොහොර දෙකක් හඳුන්වා දීම අද (21)දින වත්තල, හුණුපිටිය ලංකා පොහොර සමාගම් පරිශ්‍රයේ දී සිදු කෙරුණි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් මෙම නව පොහොර මිශ්‍රණ දෙක හඳුන්වා දීම සිදු සිදුවී ඇති බව වාර්තා වේ.

ඊට සමගාමීව පොල්, කුරුඳු ඇතුළු අනෙකුත් වැවිලි බෝග සඳහා අඩු මිලට ලබා ගත හැකි මිශ්‍ර පොහොර වර්ග කීපයක් ද හඳුන්වා දී තිබේ.

මෙහිදී අදහස් පළකළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරි මහ කන්නයේ සිට පොහොර සැපයීමේ වගකීමෙන් රජය ඉවත්වීමට තීරණය කර තිබෙන අතර, ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ඔවුන්ගේ ගිණුම්වලටම ලබා දෙන බව සදහන් කළේය.

එමෙන්ම රජය පොහොර සැපයීමේ වගකීමෙන් ඉවත් වුව ද, පුද්ගලික සමාගම්වලට හිතුහිතු හැටියේ පොහොර මිල ඉහළ නැංවීම‍ට ඉඩ නොදෙන බවත්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම මගින් සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා අවම මිලට පොහොර අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා පවසයි.

තවද ගොවීන්ගේ අභිමතය පරිදි රජය ලබාදෙන මුදල්වලින් රසායනික පොහොර හෝ කාබනික පොහොර මිලදී ගැනීම සිදු කළ හැකියි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කරන ලද පර්යේෂණ අනුව වඩා සාර්ථක වී අස්වැන්නක් ලබා ගැනීමට නම් රසායනික සහ කාබනික පොහොර යන වර්ග දෙකම දී ඇති නිර්දේශ අනුව භාවිත කළ යුතු යැයිද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Related posts

තවත් ඔටෝ ඩීසල් නැවක් දිවයිනට… තොග ගොඩබෑම අද සිට

colombotoday

එජාපය හෙළවෙයි… ප්‍රබලයන් හතරක් ශ්‍රීලනිපයට ?

colombotoday

ලෝක වාර්තාවක් තබන බවට ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්

colombotoday

ජනපති මෛත්‍රීපාලටත් වඩා මුදල් ඇමති රවී ලොක්කෙක්! – ඕෂධී හේවාමද්දුම

colombotoday

අඩු ආදායම්ලාභී පවුල්වලට මුදල් සහනයක්

Admin

ත්‍රී රෝද රථයක ගැටී සුපිරි මෝටර් රථයක්‌ ගිනි ගනී.. බීමත් රියදුරුට ඇප

colombotoday