Colombo Today Local News

ජෝන් මහත්තයාගේ වයර් මාරු වෙලා.. 70, 80 පැන්නම ඔහොම තමා.. මාධ්‍යවේදීන් ඔහුව අවුස්සනවා

ඇමති ජෝන් අමරතුංග මහතා විසින් මාධ්‍යවේදීන්ට කුණුහරුපයෙන් බැණ මරණ තර්ජනය කිරීම ගැන රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා අදහස් පල කරයි.

“සමහර මාධ්‍යවේදීන් පන්නා පන්නා අවුස්සනවානේ.ජෝන් අමරතුංග මහත්තයා අපේ තාත්තාගේ වයසේ.අපේ තාත්තාටත් මළ පනිනවා මා එක්ක පොඩ්ඩ නැත්තම්.70 ,80 පැන්නාම ඔහොම තමා. “ යැයි අමාත්‍යවරයා පවසයි.

මේ අතර අමාත්‍යවරයාගේ මේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පාර්ශව ගණනාවකින් විවේචන රැසක් එල්ලවී ඇති අතර සදාහරිත පරිසර සංගමය විසින් ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත යැවූ ලිපිය පහත දැක්වේ.

ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය,
මංගල සමරවීර මැතිතුමා,
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
කොළඹ.

ගරු ඇමතිතුමනි.
සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් ප‍්‍රාදේශීය මාධ්‍යවේදී බෙනට් ෆර්ඩිනැන්ඩස් මහතාට තර්ජනය කිරීම – පහර දීමට උත්සහ කිරීම සම්බන්ධව

ඊයේ, එනම් ජූනි 08 වන දින මුතුරාජවෙලට, කොළඹ කසළ බැහැර කිරීම සම්බන්ධව නාගොඩ ප‍්‍රදේශවාසීන් සමග සංචාරක අමත්‍ය ජෝන් අමරතුංග මහතා ඹහුගේ කඳාන නිවෙසේදී සාකච්ඡාවක් කැඳවා තිබුණි. එම සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත කරුණු දැක්වීමේදී මාධ්‍යවේදීන් විසින් මුතුරාජවෙලට කසළ බැහැර කිරීමට අදාල අමාත්‍යවරයාගේ සම්බන්ධය ප‍්‍රශ්න කර ඇත.
එහිදී උරණ වූ අමාත්‍යවරයා ප‍්‍රාදේශී මාධ්‍යවේදී බෙනට් ෆර්ඩිනැන්ඩස් මහතාට අසභ්‍ය වචන භාවිතා කරමින් පහරදීමට උත්සහ කර ඇත. ඉන් අනතුරුව ඹහුගේ ආරක්ෂකයන් අමතා ෆර්ඩිනැන්ඩස් මහතා හා සිරස ප‍්‍රාදේශීය මාධ්‍යවේදී පේ‍්‍රමලාල් මහතා ඹහුගේ නිවසෙන් ඉවත් කරන ලෙස අණකර ඇත.

මෙම මාධ්‍යවේදීන් දෙදෙනා මුතුරාජවෙල පරිසර පද්ධතිය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් ජනතාවට අඛණ්ඩව තොරතුරු වාර්තා කරමිින් බලධාරීන් ප‍්‍රශ්න කරමින්, ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය දිගින් දිගටම ඉටුකල මාධ්‍යවේදීන්ය. ඔවුනට පහර දීමට තැත්කිරීම පසුගිය කාලයේ මාධ්‍යවේදීන්ගේ කට කැපීම, පිට කැපීම, පහරදීම, අතුරුදහන් කිරීම, නැවත නැවතත් සිහියට නංවයි. යහපාලන විරාමය අවසන්ව ඇති බව පෙන්වා දෙයි.

මුතුරාජවෙල සංවේදී පරිසර පද්ධතියට කසළ බැහැර කිරීමේ අපරාධයට, ඉහත අමාත්‍යවරයාගේ ඇති සම්බන්ධය ප‍්‍රදේශයේ ජනතාව ලෙස ප‍්‍රශ්න කිරීම දරාගත නොහැකිනම් අමාත්‍යවරයා කළයුතුව ඇත්තේ ප‍්‍රදේශවාසීන්ගේ පාරිසරික ගැටළුව වෙනුවෙන් පෙනී සිටීමයි. එහෙත් ඔහු පසුගිය කාලයේ රාජ්‍ය සේවකයන් ගස් බැඳීමට මැදිහත් වූ ඇමතිවරුන් සිහියට නංවමින් ප‍්‍රචණ්ඩ ලෙස හැසිරේ. එම නිසා ඇමතිවරයාගේ නොහික්මුණු මැදීහත්වීම හෙළාදකින අප සංගමය, ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස විධිමත් පරීක්ෂණයක් කර අදාළ මාධ්‍යවේදීන් දෙදෙනාගේ ආරක්ෂාව තහවරු කිරීමට මැදිහත්වන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි.
මෙයට,
බී. අයි. ආබ්ඞීන්
සභාපති

Related posts

යාපනයේ ලැඟුම්හලක් තුළ පවත්වාගෙන ගිය ස්කාගාරයක් වටයි

colombotoday

දුම්රියේ ගැටී වන අලි 4ක් මරුට

Admin

“වල් අලි පිටරටට විකුණා, ඌරන් වඳුරන් හා රිලවුන් මරා දැමිය යුතුයි” – නි.ඇමති කරුණාරත්න

colombotoday

අද ගෑස් බෙදා දෙන අලෙවි ස්ථාන මෙන්න

colombotoday

ශ්‍රී ලංකාව යුද්ධය ජයගත්තේ කෙසේද: නොසලකා හැරි ජයග්‍රහණයකින් උගත හැකි උපායමාර්ග – ආචාර්ය පීටර් ලේටන්

colombotoday

වජිර එජාප නායකත්වයට යන මග සකසමින්

colombotoday