Colombo Today Local News

යාපනයේ ලැඟුම්හලක් තුළ පවත්වාගෙන ගිය ස්කාගාරයක් වටයි

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් වටලා තිබේ.

යාපනය රෝහල පාරේ ලැඟුම්හලක් තුළ එය පවත්වාගෙන ගොස් ඇත.

මෙම ස්කාගාරය පවත්වාගෙන ගිය මල්ලාක්කම් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ , නීතිවිරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කර රජයේ අනුමත මත්පැන් ආකාරයට ලේබල් යොදා වෙළෙඳපොළට නිකුත් කිරීමක් මෙම ස්ථානයේදී සිදු වන බව වාර්තා වී ඇති බවයි.

ඒ ආකාරයට සාදන ලද මිලිලීටර් 750 මත්පැන් ‌බෝතල් 42ක්, මිලිලීටර් 180 මත්පැන් ‌බෝතල් 262ක් හා මත්පැන් ලීටර් 3000ක් සහ අදාළ ව්‍යාජ ලේඛන පොලිසිය භාරයට ගෙන තිබේ.

Related posts

26 දා දුම්රිය වර්ජනයක්.. හෙට සිට ප‍්‍රවේශපත් නිකුත් කිරීම නවතී.

colombotoday

පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

colombotoday

මත්පෙති 3750ක් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් අල්ලයි

colombotoday

මහ බැංකු අධිපතිගේ කතාව වරද්දලා

Admin

“කොරෝනා පැණිය රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ ලබා දෙනවා” – ධම්මික බණ්ඩාර කියයි

colombotoday

අම්පාර අට්ටාලචේනයේදී රිශාඩ් හකිම් කඩුවලින් ගැටෙති

colombotoday