Colombo Today Local News

ආපදා තත්ත්වය ගැන ජනපති දුක් වෙයි.. ආපදා ඇමතිත් රට.. අගමැතිත් රට යන්න ලෑස්ති !

හදිසි ආපදා තත්ත්වය අසා තමන් බලවත් ශෝකයට පත්වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඕස්ට්‍රේලියාවේ සිට ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියයි.

විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ද ජනාධිපතිවරයා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ද ලබාදුන් බව එහි වැඩිදුරටත් දැක්වෙයි.

මේ අතරම ජනපතිවරයා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් යන මහත්වරුන් දුරකතනයෙන් සම්බන්ධ වෙමින් ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස දන්වා තිබේ. අවශ්‍ය සියලු මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යංශය මලින් ලබා ගැනීමටද උපදෙස් දී තිබේ. මුදා ගැනීමේ මෙහෙයුම්වලට ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගන්නා ලෙසද ජනපතිවරයා පවසා ඇත.

ආපදා කලමනාකරණ ඇමතිවරයා මේ වන විට විදේශගතව සිටින බැවින් එම තනතුරේ වැඩ බැලීම සදහා දුනේෂ් ගන්කන්ද මන්ත්‍රීවරයා පත්කර ඇත.

ප්‍රතිකාර ලබාගැනීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහත ඇමරිකාව බලා පිටත්වීමට සූදානමින් සිටී.

Related posts

“ජනාධිපති මන්දිර විශ්වවිද්‍යාල බවට පත් කරනවා” – සජිත්

colombotoday

“අස්ගිරි නිවේදනයට මාත් එකගයි..“ මල්වතු අනුනාහිමියොත් ආණ්ඩුවට රතු එළි දල්වයි

colombotoday

කොරෝනා පාලනයේ මුල් තැන හමුදාවට ලබා දීම වැරදි – පෙරටුගාමි සමාජවාදී පක්ෂය කියයි

colombotoday

බිරිඳ දමා සිරකර සැමියා ගෙට ගිනි තියලා

Admin

කරු, සිරිපාල, වෙල්ගම, විජිත හේරත්, සුමන්තිරන්, රංගේබණ්ඩාර ඇමරිකා ගිහින්

colombotoday

“හතළිහක් විපක්ෂයේ වාඩි වුනේ විපක්ෂනායකගේ කණ්ඩායමට නෙමෙයි”

colombotoday