Colombo Today Local News

වෛද්‍ය පාදෙණිය අඛණ්ඩව 7වන වරටත් GMOA සභාපතිකමට

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත්වීමට නියමිතය. එහු එසේ තේරී පත්වුවහොත් එය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිත්වය අඛණ්ඩව 7 වැනි වරටත් දැරීමක් වනු ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2017/2018 වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමේ නිලවරණය ලබන ජූනි සම 24 වැනි දා කොළඹ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

එම නිලධාරී මණ්ඩලය තෝරා පත් කරගැනීමට නාම යෝජනා බාර ගැනීම අද (24දා) පස්වරු 4.00ට අවසන් කෙරුණ අතර වර්තමාන සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ කණ්ඩායමට එරෙහිව මෙවර කිසිදු නාමයෝජනාවක් ඉදිරිපත් නොවීම විශේෂත්වයකි.

Related posts

ජනපති මැදිහත් වී බස් වර්ජනය තාවකාලිකව නවත්වයි

colombotoday

මධ්‍යම අධිවේගයේ සුපිරි ගැහිල්ලක් ! අර්ජුන්ගේ බැදුම්කර බෑණා මේකටත් බැහැලා

colombotoday

‘කළු සතියට’ පක්ෂව අදත් ක්ෂේත්‍ර රැසක නිලධාරීන් විරෝධයේ

Admin

මාලිගාවත්ත, ඕකීට් රෙසිඩන්සි මහල් නිවාස සංකීර්ණයේ ගෙවල් 100ක වතුර කපලා

Admin

කථානායක ධුරයට මගේ අකමැත්තක් නෑ – මහින්ද යාපා කියයි

colombotoday

ඓතිහාසික සිරිපතුල උස්සං ගිහින්

colombotoday