Colombo Today Local News

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමේ නියෝගයෙන් රට පුරා තරුණයන් කැළඹේ.. ආණ්ඩුවට දැඩි විරෝධය

බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුමක් ආරම්භ කළ බවට පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කිරීමත් සමග රට පුරා තරුණ පිරිස් මහත් කැළඹීමකට ලක්ව සිටින බවට තොරතුරු වාර්තා වනවා.

කුරුණෑගල, කොළඹ, මහනුවර, මාතලේ, අනුරාධපුර, රත්නපුර, ගම්පහ, කලුතර ඇතුළු ප්‍රදේශ රැසක සංවිධාන සහ භික්ෂූන් වහන්සේලා හදිසි සාකච්ඡා කැදවා ඇති අතර, ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සූදානම් වන බවද ආරංචි මාර්ග සදහන් කරනවා.

ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව කිසිදු අයුරකින් නීතිය ක්‍රියාත්මක නොවන පසුබිමක, ඊට එරෙහිව හඩ නගන ඥාණසාර හිමියන් සිරගත කිරීමට උත්සහා කරමින් බෞද්ධ බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් රට පුරා සිංහල බෞද්ධයන් දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින අතර, තරුණ කොටස් ආණ්ඩුව කෙරෙහි දැඩි ලෙස උරණව සිටින බවද පැවසේ.

Related posts

ඇමති රාජිතගේ ප්‍රකාශය තවත් ප්‍රභාකරන් කෙනෙකු නිර්මාණය කිරීමට පාර කැපීමක්…

colombotoday

කල්මුනේ පාසල් හෙට සිට සතියක් වැසේ

colombotoday

කොල්ලකරුවන්ගේ රජ දහනක් විල්ගොඩ පිරවුම්හල

colombotoday

හිස් පතුරොම්කොපු රැගෙන දළදා මාලිගයට අයෙක්ගේ අල්ලයි

Admin

කොස් කොළ, ක්‍රෝටන් කොළ කැවීමට පෙර සහල් සදහා පාලන මිල වහා ගැසට් කරනු !

colombotoday

වික්ටර් රත්නායකගේ බිරිය යළි රිමාන්ඩ්

colombotoday