Colombo Today Local News

අසාධාරණ ලෙස සේවයෙන් ඉවත්කළ බල නැවි මුදිත කෞෂල්‍යගෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

බෞද්ධ අන්තවාදී සංවිධාන සමග සම්බන්දතා පැවැත්වීම සහ නාවික තොරතුරු පිටතට ලබාදීම ලෙස සාවද්‍ය චෝදනා ඉදිරිපත්කර මානසික පිඩාවට ලක්කර, අවමන් සහිතව නාවික හමුදාවෙන් නෙරපීමට විරුද්ධව නාවික හමුදා විදුලි කාර්මික, බලනැවි මුදිත කෞශල්‍ය සමරනායක විසින් නාවික හමුදාපති සහ ආරක්ෂක ලේකම් යන දෙදෙනා වගඋත්තර කරුවන් ලෙස නම් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අද (30) පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

නිලාවේලි නාවික හමුදා කදවුරේ සේවය කරමින් සිටියදී 2016/05/12 දින තමාව නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බවත් එදින සිට 2016/07/28 දින දක්වා නාවික හමුදා අත්අඩංගුවේ තබා ගත් බවත් පසුව පරීක්ෂණ 3ක් සිදුකොට අභූත චෝදනා නගමින් තමන්ව නාවික හමුදාවෙන් අවමන් සහිතව ඉවත් කල බවත් බලනැවි මුදිත කෞශල්‍ය මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියා.

යුද ගිනිදැල් ඇවිලෙන මොහොතක තමන් නාවික හමුදාව වෙත, රට බේරාගැනීමේ අරමුණෙන් බැදුණු බවත්, කැපවීමෙන් සේවය කල බවත්, නොසිතු ලෙස නාවික හමුදාවෙන් අවමන් සහිතව ඉවත් කිරීම කිසිලෙසකවත් දරාගැනීමට නොහැකි දෙයක් බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදිත කෞශල්‍ය සදහන් කර සිටියා.

Related posts

ත්‍රිකුණාමලයේදී සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු මිය යයි

colombotoday

නව ව්‍යවස්ථාව එපා කියන්න කිසිම භික්ෂුවකට අයිතියක් නෑ.. කවුරුත් ලක්ෂ 62 ට යටයි – දඹර අමිල හිමි

colombotoday

තොරතුරු දැනගැනීමේ පනත අද සිට ක්‍රියාත්මකයි !!

colombotoday

ගිරිබාව රෝහල තාවකාලිකව වසා දමයි

colombotoday

බෝම්බයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

ගිනි ගත් නෞකාවෙන් පීඩාවට පත් ධීවරයින්ට 5000ක වන්දය අද සිට

colombotoday