Colombo Today Local News

මැයි දිනයේ ආවේගශීලී වූ රාජිත, සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ඇතුළු කරයි

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා වෛද්‍ය ප්‍රතිකාර සදහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

ඇමතිවරයාට සමීප ආරංචි මාර්ග සදහන් කරන්නේ පුත් චතුර සේනාරත්න ඇතුළු පිරිසක් සමග එහි ගිය ඇමතිවරයා මවුන්ට් එලිසබෙත් රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ඇමතිවරයා දැනට වසරකට පෙර මවුන්ට් එලිසබෙත් රෝහලේදී බයිපාස් හෘද සැත්කමකට ද භාජනය කෙරිණි. මවුන්ට් එලිසබෙත් රෝහල ලෝකයේ මිල අධිකම රෝහල් අතරින් එකක් වෙයි. මෙරට සෞඛ්‍ය ඇමතිවරයා මෙරට රෝහල් පද්ධතියෙන් ප‍්‍රතිකාර නොගෙන විදෙස් ගතවීම ගැන විවිධ පාර්ශව වලින් පසුගිය කාලය පුරා දිගින් දිගටම විවේචන එල්ල කරනු ලැබීය.

පෙරේදා (01) දා එජාප මැයි රැලිය අමතමින් රාජිත සේනාරත්න ඇමතිවරයා දැඩි ආවේගශීලී, උද්වේගකර කතාවක් ද පවත්වනු ලැබීය.

Related posts

ලෙබනනයේ ගොඩනැගිල්ලක් කඩා වැටී ලාංකික කාන්තාවක් මිය යයි

Admin

ශ්‍රී ලංකන් ගුවන් සේවය ජපානයට..!

colombotoday

ඊයේ ගෑස් කාන්දුවීම් ආශ්‍රිත පිපිරීම් 21ක්.

colombotoday

පෞද්ගලික බලාගාර 3කින් විදුලිය මිලදී ගන්න විදුලි බල මණ්ඩලය තීරණය කරයි

colombotoday

74වන ජාතික නිදහස් දින සමරු උළෙල ඇරඹෙයි

colombotoday

රු. 5000 දීමනාවට අදාළ ලැයිස්තු සැකසෙයි | 10,000 ක බඩු මල්ල ලැබෙන්නේ මේ අයටයි

colombotoday