Colombo Today Local News

සිංහරාජයේ සතුන් ඇල්ලූ ජර්මන් ජාතික අයියා මලෝ කූඩුවට

සිංහරාජ වනාන්තරයෙන් කටුස්සන්, දිමියන්, කුහුඹුවන්, කලාඳුරුවන් ඇතුලු කෘමින් එකතුකළ ජර්මන් ජාතික අයියා මලෝ දෙදෙනා අප්‍රේල් මස 08දා තෙක් රක්‍ෂිත බන්‍ධනාගාරයේ තබන ලෙස මොරවක මහේස්ත්‍රාත් අජිත් ලියනගේ මහ තානියෝග කර ඇත.

වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබේ. මෙසේ රිමාන්ඩ්භාරයට පත්කෙරුණේ ජර්මනියේ Hannover හි Klumpp Daniel (52) සහ ඔහුගේ සහෝදරයා වන Klumpp Lars (47) යන ජර්මන් ජාතිකයන් දෙදෙනායි. ඔවුන් මාර්තු මස 17 දින ලංකාවට පැමිණ ඇති බවද අධිකරණයේ දී අනාවරණය වි ඇත.

සැකකරුවන් දෙදෙනා සිංහරාජ වාන්නතරය නැරඹීමට පැමිණ ඇත්තේ 27දාය. එසේ පැමිණ සිංහරාජ වනාන්තරයට අයත් දෙණියාය කුරුලුගල ප්‍රදේශයේ සංචාරය කර ඇත්තේ වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අනුමත මාර්ගෝපදේශකයෙකු සමගය.

කැලෑවේ සංචාරය කරද්දී එක් සංචාරකයෙක් කැලෑවේ සිටි කටුස්සෙක් ඔහුගේ ගමන් මල්ලට දාගන්නා ආකාරය සංචාරක මගපෙන්වන්නා දැක තිබේ. ඔහු ඒ බව සිංහරාජ හරිත මිතුරෝ සංවිධානයට දන්වා ඇත.

ඔවුන් විසින් වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් පසු වනජිවී දෙපාර්තමේන්තුවේ දකුණු පළාත්භාර සහකාර අධ්‍යක්‍ෂ චන්න සුරවීර මහතාගේ උපදෙස් මත සිංහරාජ වනජිවී අඩවි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ප්‍රදේශය අයත් මිරිස්ස වනජීවී අඩවි කාර්යාලයේ නිලධාරී පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යවා තිබුණි.

Related posts

මුඛ ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක්

colombotoday

ආර්ථිකයට දායකත්වයක් දක්වන සතුන් ගැන සංගණනයක් කරන්නැයි කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්

colombotoday

අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු ඉහළට

colombotoday

වැඩි කරන ලද විශ්‍රාම වැටුප ඉල්ලා විශ්‍රාමිකයින්ගෙන් පෙත්සමක්

colombotoday

විදෙස් රටවල සිට පැමිණි ලාංකිකයින් 430දෙනෙකුට කොරෝනා

colombotoday

ස්වයං නිරෝධායනයවන පුද්ගලයින් නිරීක්ෂණයට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්

colombotoday