Colombo Today Local News

මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු පිරිසක් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවයි..

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු සෙසු අධිපතිවරුන් හා මුදල් මණ්ඩල සාමාජිකයින් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවා ඇත.

පසුගිය 24 වැනිදා එම නිලධාරීන්ට කමිටුව හමුවේ පෙනී සිටීමට දැනුම් දුන්න ද ඔවුන් එදිනට සහභාගි නොවූ බව එම කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා පවසයි.

එම තත්ත්වය පිළිබඳව තමන් සිය අප්‍රසාදය පලකරන බව ද කමිටු සභාපතිවරයා සඳහන් කර සිටී.

ඒ අනුව ලබන පළමු වැනිදා උදෑසන 10.00ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පෙනී සිටින්නැයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු සෙසු අධිපතිවරුන්ට හා මුදල් මණ්ඩල සාමාජිකයින්ට දැනුම් දී තිබේ.

Related posts

ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ ජනපති මෛත්‍රීට විරෝධය පා කලු කොඩි ඔසවයි

colombotoday

බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

මකියන් තංගවේලූ කොටියා ලන්ඩන් ත‍්‍රස්ත මර්දන පොලිස් අත්අඩංගුවට

colombotoday

අද කොවිඩ් එන්නත් ලබා දෙන ස්ථාන

colombotoday

දයා රත්නායක ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති තනතුරින් ඉවතට!

colombotoday

අවසර නොමැතිව ජනපති රුව භාවිතය තහනම්

Admin