Colombo Today Local News

පළමු කොවිඩ් එන්නත්කරණය යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට

ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත්, එන්නත්කරණය අද (29)දින යුද හමුදා රෝහලේදී ආරම්භ විය.

එහිදී යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට පළමුව එන්නත ලබාදීමට පියවර ගත්තේය.

මේ අතර එන්නත්කරණ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී පැවැත්වුණේ සෞඛ්‍ය බලධාරීන් රැසකගේ සහභාගීත්වයෙනි.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද එක්ව සිටියේය.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී පළමු එන්නත ලබාදුන්නේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාටය.

ඒ අනුව බස්නාහිර පළාතේ රෝහල් 6 කදී එන්නත්කරණ කටයුතු අද ආරම්භ විය.

Related posts

කටාර් අවුලෙන් ගුවන් ගමන් නවතී.. කටාර් රියාල් මාරු කිරීමත් ගුවන්තොටුපොළ බැංකු ප්‍රතික්ෂේප කරයි

colombotoday

විදෙස් ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවේ

colombotoday

අයවැයෙන් හිතා ගන්න බැරි සහන දෙනවා…

colombotoday

“සම්බන්ධන්ගේ අදහස් සැමවිටම මා සතුටට පත් කරනවා“ – ඇමරිකානු තානාපති

colombotoday

‘වෙනස සැපයි’ කියන්න ආණ්ඩුවේ මැති ඇමතිවරු ගමින් ගම එයි

colombotoday

වැඩබලන ජනාධිපති රන්ජන්ව නිදහස් කරයි?

colombotoday