Colombo Today Local News

යල කන්නයේදී පළිබෝධනාශක මිල 100%කින් ඉහළට

යල කන්නයේදී පළිබෝධ නාශක වර්ගවල මිල සියයට සියයකින් පමණ ඉහළ යනු ඇතැයි පළිබෝධනාශක ආනයනය කරන සමාගම්වල නියෝජිතයෝ පවසයි.

රුපියලේ අගයට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ අගය ඉහළ යෑමත්, ඩොලර් සොයාගැනීමට ඇති අපහසුතාවයත් හේතුවෙන් යල කන්නය වන විට පළිබෝධනාශක හිඟයක්ද ඇතිවනු ඇතැයි ඔවුහු සඳහන් කරති.

තවද යල කන්නය වන විට යූරියා පොහොර කිලෝග්‍රෑම් පනහේ ඇසුරුමක මිලද රුපියල් විසිපන්දහස ඉක්මවා යනු ඇතැයි එම සමාගම් අපේක්ෂා කරයි.

චීනයෙන් වැඩි වශයෙන් පොහොර ආනයනය කළද මේ වන විට චීනය ද අනෙකුත් රටවලට පොහොර අපනයනය සීමා කර ඇතැයි අනාවරණය වේ.

රසායනික පළිබෝධනාශක සහ පොහොර හිඟය හේතුවෙන් මෙවර මහ කන්නයේ සිදුවූ අස්වනු හානිය සියයට හතළිහත්, පනහත් අතර ප්‍රමාණයක් බවට ගණන් බලා ඇති අතර, ඉදිරි යල කන්නයේ අස්වනු හානිය ඊට වඩා වැඩිවනු ඇතැයිද සමාගම් නියෝජිතයෝ කියති.

යල කන්නයේ දී හෙක්ටයාර් ලක්ෂ පහක පමණ වී වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

රසායනික පළිබෝධනාශක හිඟය හේතුවෙන් තහනම් කරන ලද පළිබෝධනාශක වර්ග පවා මේ දිනවල වෙළෙඳපොළේ අලෙවි කළද ඒවා වැටලීමක් සිදු නොවන බව පාරිභෝගිකයෝ පවසති.

Related posts

සැකකරුවෙකු අත්අඩංගුවේදී මිය යාම – පූගොඩ පොලිසියේ සැරයන්වරයෙකු ඇතුළු 8ක් අත්අඩංගුවට

colombotoday

“හැකි දෙයක් කර පෙන්වනු…” ප්‍රභාකරන්ගේ මන්ත්‍රී මස්සිනා රජයට අභියෝග කරයි…

colombotoday

ජනපති රනිල්ගෙන් අඹේවෙල ගොවිපොළට තෑග්ගක්

Admin

හිටපු කොමිසමේ ලොක්කි ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කරන ලෙස අගමැති ජනපතිගෙන් ඉල්ලලා

colombotoday

ලංකාව ISIS මධ්‍යස්ථානයක්.. ඇමරිකාව අනතුරු අගවයි ! මුස්ලිම් සංක්‍රමණික තහනමකට උපදෙස්

colombotoday

බුර්ඛා, මුහුණු ආවරණ පැළගෙන ඡන්දෙ දාන්න ආවොත් පන්නන්නැයි මැ.කො. සභාපති දන්වයි

colombotoday