Colombo Today Local News

යුරෝපා ත්‍රස්ත ලයිස්තුවෙන් LTTE ය ඉවතට.. අරමුදල් රැස්කිරීමට, ප්‍රචාරයට අවසර !

යුරෝපා සංවිධානයේ ත්‍රස්ත ලයැස්තුවෙන් ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ඉවත් කර තිබෙනවා. යුරෝපා සංගම් අධිකරණය විසින් අද (26) මෙම තීරණය ගෙන තිබේ.

තහනම ඉවත් කිරීමත් සමග එම සංවිධානයට යුරෝපය තුළ අරමුදල් රැස්කිරීමට, ප්‍රචාරක කටයුතුවලට තිබූ තහනමද අවලංගුවනු ඇත.

එල්.ටී.ටී.ඊ සංවිධානය යුරෝපා සංවිධානය විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරනු ලැබුවේ 2006 වසරේදීයි. ඉන් අනතුරුව යුරෝපා සංගමයේ රටවල් තුලදී කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් බොහෝ සෙයින් අඩපණ විය.

2001 සැප්තැම්බර් 11 ඇමරිකාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව යුරෝපා සංගමය ත්‍රස්ත ලැයිස්තුවක් නිර්මාණය කළේය. මාධ්‍ය හා අන්තර්ජාලය හරහා වාර්තාවන තොරතුරු පදනම් කරගෙන එම ත්‍රස්ත සංවිධාන ලයිස්තුව පවත්වාගෙන යයි.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරකම් බහුල ලෙස සිදුවන්නේ යුරෝපා සංගමයේ රටවල්වල් කේන්ද්‍රකරගෙන වන අතර, තහනම් ඉවත් කිරීමත් සමග එල්.ටී.ටී.ඊ ඩයස්පොරාවේ කටයුතු නව පිබිදීමකට ලක්වනු ඇතැයි විචාරකයන් සදහන් කරයි.

Related posts

කොරෝනා රෝගීන් 16 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

රිෂාඩ් බදුර්දින්ට හෙට රහස් පොලිසියට කැඳවීමක්

colombotoday

තව්හීද් ජමාත් නමින් පෙනී සිටින සියල්ලන් IS ට සහය දක්වන අන්තවාදීන් – මුස්ලිම් සංවිධානයක් හෙළිකරයි

colombotoday

මහින්දානන්දගේ අමාත්‍යාංශ බලතල වැඩිවෙයි !

colombotoday

ජනපති කියන සුන්දර ලොව බිහි වන තෙක් ජනතාව බඩගින්නෙද?

Admin

බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු එන්නැයි, ඉල්ලීමක්

colombotoday