Colombo Today Local News

ජනපති කියන සුන්දර ලොව බිහි වන තෙක් ජනතාව බඩගින්නෙද?

ජනාධිපතිවරයා කියන සුන්දර ලෝකය 2048 දී බිහිවන තෙක් තව වසර 25ක් යන තුරු ජනතාව බඩගින්නේ තියන්න පුළුවන් දැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේ දී විමසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා කළ කතාව පිළිබඳ විරුද්ධ පාර්ශ්වය ගෙන ආ කල් තැබීමේ විවාදය අරඹමින් තිස්ස අත්තනායක මහතා මේ බව කීය.

2048 වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් වන බව ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශ කළ බව කී අත්තනායක මහතා එතුමා සුන්දර කතාවක් කිව්ව නමුත් මේ ප්‍රශ්න විසදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග රැසක් තිබෙන බව කීය.

ලංකාවේ දිළිඳුකම දෙගුණයකින් වැඩි වී ඇති බව ලෝක බැංකුව පුරෝකතනය කර ඇතැයි ද ජනගහනයෙන් සියයට තිස්තුනක් තුන්වේල කන්නෙ නැති බව ලෝක බැංකුව කියන බවද අත්තනායක මහතා සඳහන් කළේය.

ජන ගහනයෙන් සියයට 48ක් ගන්නා කෑම ප්‍රමාණය අඩු කර තිබෙන බවද රටේ ණය ප්‍රමාණය වැඩි වී ඇතැයිද අත්තනායක මහතා කීය.

Related posts

අනුර කුමාර ස්වීඩනයට

Admin

රන්ජන්ගේ ඩීල් හඩපට නිසා විනිසුරුවරයෙකුගේ වැඩ තහනම් කරයි !

colombotoday

මාමිණියාව රජමහා විහාරයට ප්‍රහාරයක්.. මැරයෝ විහාර දේපල කුඩුපට්ටම් කරති !

colombotoday

දේශපාලන පන්දමෙන් සෞදි ගිය ‘කුකුළ් කොටු හිමිකරු’ වෙනුවට ‘තානාපතිවරයෙක්’ සෞදියට ඕනෑකර තිබේ

colombotoday

ඌව පළාත් සභාව යුද පිටියක් වෙයි.. ගුටි ඇණගෙන මන්ත්‍රීන් රෝහලේ [Video]

colombotoday

ශ්‍රීලනිපය සහ පොහොට්ටුව එක් කර නායකත්වය මහින්දට ගන්නැයි යෝජනාවක්

colombotoday